IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොජ්ගේ ප‍්‍රචණ්ඩ පිතිහරඹය රාජස්ථාන් පිලට ජය ගෙනේ

අයි. පී. එල්. තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර අද (22 වැනිදා) පැවති තරගයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල කඩුලූ 4 කින් පරාජය කිරීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.

ඒ අනුව ඔවුන් අවසන් මහ තරගයට සුදුසු කම් ලබාගැනීමට නම් ලබන සිකුරාදා (24 වැනිදා) මුම්බායි ඉන්දියන්ස් පිල සමග තරග වැදී ඉන් ජයගත යුතුය.
තරගයේ වීරයා බවට පත්වූ බ‍්‍රැඞ් හොජ් පන්දු 28 කදී නොදැවී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

රාජස්ථාන් පිල පළමු  ඕවර 10 අවසානයේ ලකුණු 57 කට කඩුලූ 5 ක් දැවී අසීරු අඩියක පසුවූ අවස්තාවේ පිටියට පිවිස, වේගවත් පිතිහරඹයක නියැළුණ බ‍්‍රැඞ් හොජ්, ඩැරන් සැමී යැවූ අවසන්  ඕවරයේ පළමු පන්දු දෙකටම හයේ පහර 2 ක් එල්ල කරමින් තම පිලට ජය ගෙනාවේය.

මෙම පරාජයත් සමග සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලට තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවූ අතර හයිද්‍රාබාද් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරට මෙම තීරණාත්මක තරගයේදීත් තම ස්ථානය අහිමිවිය.

පන්දු 6 කට පමණක් මුහුණ දුන් තිසර පෙරේරාට හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලබාගතහැකි වූයේ ලකුණු 11 ක් පමණි.  ඕවර 3 ක් යවා ලකුණු 14 ක් දුන් නමුත් කඩුල්ලක් දවාගැනීමටද ඔහු අසමත්විය.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 132
(ශිකාර් ධාවාන් 33, කැමරන් වයිට් 31, ඩැරන් සැමී 29, තිසර පෙරේරා 11, බිලාබ් සමන්ති‍්‍ර 14, වික‍්‍රම්ජීත් මලික් 14/2)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 19.2 කදී කඩුලූ 6 ට 135
(රාහුල් ද්‍රාවිඞ් 12, අජන්ක්‍යා රහනේ 18, ශේන් වොට්සන් 24, සන්ජු සැමිසන් 10, බ‍්‍රැඞ් හොජ් නොදැවී 54, ජේම්ස් ෆෝල්ක්නර් නොදැවී 11, ඩැරන් සැමී 27/2)

(*)



අදහස් (0)

හොජ්ගේ ප‍්‍රචණ්ඩ පිතිහරඹය රාජස්ථාන් පිලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site