IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හිඟ බිල්පත් ගෙවන්න මහා භාණ්ඩාගාරයට බිලියන 4 ක්

බිලියන 6.6ක නොගෙවූ මහා මාර්ග සංවර්ධන බිල්පත් ගෙවීම සඳහා අධිවේගී මාර්ගවලින් උපයා ගත් බිලියන 4ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

මාර්ග නඩත්තු බිල්පත් සඳහා රුපියල් බිලියනයක්  ,ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම හා වැඩි දියුණු කිරීම (දේශීය බැංකුවලින් අරමුදල් සපයන) සඳහා රුපියල් බිලියනයක් සහ මාර්ග පුළුල් කිරීම සහ නඩත්තු කිරීමේ බිල්පත් සඳහා බිලියන දෙකක්  වෙන් කිරීමට නියමිත ය.

 “නියමිත මුදල් ගෙවන්න මේ මුදල් ප්‍රමාණවත් නෑ“යැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත සවර්ණ මහතා කීවේය.අදාළ මුදල් ඉදිරි දිනයකදී අධිකාරියට ලබාදීමට මහා භාණ්ඩාගාරය පොරොන්දු වී ඇති බවත් ඒ මහතා කීය.

අධිවේගී මාර්ග නඩත්තු කිරීම සහ කළමනාකරණය සඳහා‍ යොදාගත් අරමුදලක රුපියල් බිලියන හතරක් මෙලෙස ලබා දී ඇත.

නොගෙවූ බිල්පත් රුපියල් බිලියන 6.6 දක්වා ඉහළ ගිය ආකාරය පැහැදිලි නොවන අතර ජාතික මහා මාර්ග වැඩි දියුණු කිරීම හා පුළුල් කිරීම සඳහා රුපියල් බිලියන 3ක් ගෙවීමට ඇත(මින් රුපියල් මිලියන 600ක කටයුතු ගිය වසරේ සිදුවිය).

එමෙන්ම රුපියල් බිලියන 1.6ක් මාර්ග නඩත්තුව සඳහාත් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම සඳහා බිලියන දෙකක් ද ගෙවීමට ඇත.

මහා මාර්ග සඳහා අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය ඉතා ඉහළ බව නිල වාර්තා පෙන්වයි.නමුත් පොරොන්දු වූ ප්‍රමාණයට වඩා එම මුදල පහත වැටෙයි. 
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ කොළඹ - කටුනායක,කොට්ටාව-කෙරවලපිටිය සහ කොට්ටාව - ගොඩගම යන අධිවේගී මාර්ගවලට ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ආණ්ඩුව සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියි.
 
මාර්ග සංවර්ධන අධිකාරියේ සංගම්වල විශාල විරෝධතාවලින් පසුව  ‘මූල්‍ය යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසු වඩාත් සුදුසුම ආකෘති සහ මාර්ගෝපදේශ ‘ මත වාර්තාවක් සැකසීම සඳහා ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් කමිටුවක් පත් කරනු ලැබීය.
අදාළ වාර්තාව එම කමිටුවේ මීළඟ රැසවීමේදී ඉදිරිපත් කිරීමට නියමිත ය.
මහා මාර්ග , ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු යන අමාත්‍යංශ ලේකම්වරු ,රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ඒකකයේ නියෝජිතයෙක් සහ මාර්ග සංවර්ධන අධිකාරීයේ ප්‍රධානියා මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
 
ආරම්භයේ සිට අධිවේගී මාර්ගවලින් ලබාගත් ආදායම්,නඩත්තු වියදම් සහ අනෙකුත් වියදම්  මෙන්ම මීළඟ වසර දහය සඳහා නඩත්තු සැලසුම් සහ අදාළ වියදම් ලබාගෑනීම සඳහා ආදායම් ප්‍රමාණාත්මකභාවය යන කරුණු එම කමිටුවට ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව අධිවේගී මාර්ග කළමනාකරණය කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයින් ආකර්ෂණය කරගෑනීම සඳහා ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.
මේ සඳහා චීනයේ ආයෝජකයින් පිරිසක් හඳුනාගෙන ඇති බවට මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මීට පෙර අනාවරණය කළේය.කෙසේ වෙතත් මෙය හොඳම ගනුදෙනුවක් ආකර්ෂණය කරගැනීම සඳහා වූ විවෘත, විනිවිද ජාත්‍යන්තර ලංසු තැබීමක් පැවැත්වීමට දුන් නිර්දේශ උල්ලංගනය කිරීමක් බවට පත් වෙනු ඇත.
පෞද්ගලික ක්ෂේත්‍රයේ වැඩි දායකත්වයක් ලබාගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සමග අධිවේගී මාර්ගවලට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලබාගැනීම සඳහා  යොජනාවක් පසුගිය වසරේදී ඉදිරිපත් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් මාර්තු මාසයේදී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ  සඳහන් වූයේ යටිතල පහසුකම් කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම රජයේ කාර්යයක් වූ බවත් මෙම දර්ශනය පසුගිය දශකවලදී වෙනස් වී ඇති බවත් ය.

 “ අපිට වඩා ඉදිරියෙන් සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රධාන යටිතල පහසුකම් සීග්‍රයෙන් සංවර්ධනය කිරීම සඳහා සාර්ථක විකල්ප මාදිලි යොදාගෙන තිබෙනවා.එමගින් රාජ්‍ය මූල්‍ය හා බාහිර ශේෂයන් ස්ථාවර කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන සහ කාර්මික සංවර්ධනය සීග්‍ර කරගැනීමට හැකි වී තියෙනවා“යැයි එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.



අදහස් (2)

හිඟ බිල්පත් ගෙවන්න මහා භාණ්ඩාගාරයට බිලියන 4 ක්

suranga Sunday, 24 September 2017 01:39 PM

කරුණාකරලා භාණ්ඩාගාරේ ගැනයි, බිල්පත් ගැනයි නම් කතා කරන්න එපා. ඔය වචන දෙකෙන් සංකේතවත් වෙන්නේ අපේ මෝඩකම සහ අසරණකමයි.

:       1       75

mahee Sunday, 24 September 2017 08:11 PM

අනේ මොකට කරදර කරනවද මහා භාණ්ඩාගාරේට? කිලෝමීටරයට මිලියන 4 වෙනුවට මිලියන 26 ක් පෙන්නලා තියෙන ඇස්තමේන්තුවෙන් කීයක් හරි දීල දාන්නකො.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13713 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site