IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හිඟ පිළිකා ඖෂධ ගන්න ලැබෙන කෝටි 100 න් 80 ක්ම යන්නේ හිඟ බිල් ගෙවන්න

( +++ ජයන්ත සමරකෝන්)

මහරගම අපේක්ෂා රෝහලට හිඟ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් වෙන්කළ රුපියල් කෝටි 100න් කෝටි  80ක්ම කලින් ණයට ලබාගත් ඖෂධ වෙනුවෙන් හිඟ බිල්පත් ගෙවීමට වැය වන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ‘ලංකාදීප’ යට ඊයේ (11) පැවසීය.

මෙම රෝහලේ කලක් තිස්සේ පැවති ඖෂධ හිඟය ගැන අවධානය යොමු කළ නව රජයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිර්දේශය මත අත්‍යවශ්‍ය ඖෂධ සඳහා පසුගිය 7 වැනිදා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 100ක් වෙන්කරදී ඇත. හිඟ බිල්පත් ගෙවීමෙන් පසුව මේ වන විට රෝහලේ හිඟවී පවතින ඖෂධ 24 අතුරින් 15ක්ම හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදය යටතේ ප්‍රදේශීය ලෙස මිලදී ගත් බවද අධ්‍යක්‍ෂවරයා කීය.

ගතවූ වසර 5 තුළ රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා පෞද්ගලික ඖෂධ සමාගම් රැසකට හිඟ බිල්පත් නොගෙවීම නිසා කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක් මිලදී ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.

රෝහලට අත්‍යවශ්‍ය තවත් ඖෂධ වර්ග 9ක් විදේශවලින් මිලදී ගැනීමට ඇනවුම් කර ඇතැයිද ඔහු පැවසීය.



අදහස් (17)

හිඟ පිළිකා ඖෂධ ගන්න ලැබෙන කෝටි 100 න් 80 ක්ම යන්නේ හිඟ බිල් ගෙවන්න

king Thursday, 12 December 2019 05:23 AM

කමක් නෑ යකෝ... තාප්පවල චිත්‍ර අඳිනවා. ඒ ඇති ඔබලාට හා.. හා.. හේ.. හේ.. තේරුණාද?

:       322       308

anilThursday, 12 December 2019 05:50 AM

මේ අර චතුරද?

:       17       7

king Thursday, 12 December 2019 08:18 AM

ඔයා හරියටම අඳුනාගත්තනේ.... හොර ගෙඩියා...

:       0       1

ReporterThursday, 12 December 2019 07:21 AM

මේවා කලින් ආණ්ඩුවේ වැඩ වල ප්‍රතිඵලයක් කියල තේරෙන්නෙ නැද්ද ?

:       48       38

JayanthaThursday, 12 December 2019 07:23 AM

කින් ඔයා බූරු තර්ක නොදා ඉන්නවද?

:       7       75

kingThursday, 12 December 2019 08:16 AM

යකෝ නුවණ තියන කතා ඕවා...!!!

:       21       1

PrabathThursday, 12 December 2019 09:03 AM

මොනවා වුණත් ජයන්ත මහත්තයා කියලා තියෙනවා හරියටම...

:       11       35

Thiw Thursday, 12 December 2019 05:40 AM

හොරා කාපුවට මිනිස්සු හෙන ඉල්ලනවා...

:       0       201

vidya Thursday, 12 December 2019 05:44 AM

පවිත්‍රා නෝනා කරපු වැඩේ හරිම හොඳයි. පිළිකාවක් හැදුණු කෙනා සහ එම පවුලේ උදවිය පමණයි... එහි තියෙන දුක දන්නේ... ණයට ගත්තා නම් ණය ගෙවීම ඉතාම උතුම් ගුණයක්...

:       1       97

Raveendra Thursday, 12 December 2019 05:56 AM

මේ කියාගෙන එන්නේ අහිංසක රෝගීන් ගැන හිතලද නැත්නම් හිටපු ඇමතිගේ අඩුපාඩුවක්ද? තව අවුරුදු කීපයකින් අලුතෙන් පැමිණෙන ඇමතිත් මේ විදියටම දැන් ඉන්න ඇමති ගැන මෙලෙසම සදහන් කරයි නේද ? අපට ඔය හිටපු කෙනා වැඩ කරාද නැද්ද අදාළ නැත. ඔබලා පත්කරේ මුල් පුරවැසියා කාගේවත් ඇදුම් හෝදන්න නෙවෙයිනේ. ඒ නිසා බයිලා කතා අඩුකරලා කරන වැඩේ හරියට කරන්න. නැතිනම් දාලා යන්න.

:       70       241

ThusithaThursday, 12 December 2019 08:44 AM

මේ කියන්නේ ඇමති නෙවේ . රෝහලේ අධ්‍යක්ෂක.

:       2       29

Ranjith Thursday, 12 December 2019 06:27 AM

ඒ කියන්නේ මෙච්චර කාලයක් මුදල් වෙන්කරලා නැතිද? නැතිනම් ඒවා හොරා කාලාද? එහෙනම් හොරා කෑවේ කව්ද?

:       0       83

Mahesh Thursday, 12 December 2019 07:09 AM

මෙයා දැන්ද මේවා කියන්නේ...? මරු අධ්‍යක්ෂක... ලෙඩ්ඩුන්ට මෙච්චර කල් පිටින් බෙහෙත් ගන්න කියන්න ඇති මෙයා. ජනාධිපතිතුමනි, කරුණාකරලා දක්ෂ මොලේ තියෙන මනුස්සයෙක් රෝහලට පත්කරන්න.

:       6       80

ඉන්දික Thursday, 12 December 2019 08:04 AM

මේ රෝහලේ අධ්‍යක්ෂකට කොන්දක් නෑ. තමන්ගේ තනතුර රැකගන්න ජීවිත කීයක් පාවා දීලාද? මේක පාස්කු ප්‍රහාරයට අන්ත වැඩක්... වහාම රෝහල් අධ්‍යක්ෂක අත්තඩංගුවට ගන්න. බෙහෙත් නැතුව තිබියදී පවා ඇමතිගේ වුවමනාවට එය සැඟවීම කොතරම් පාපයක්ද? නීචද? ජීවිත කීයක් අනතුරේ දාලද?

:       1       44

max Thursday, 12 December 2019 08:37 AM

අපේක්ෂා රෝහල ඇතුළු සමස්ත සුව සේවය විනාස කරමින් ගසා කෑ හිටපු ඇමති හොරකම් කළ මුදල් නැවත ලබා ගතහොත් එය භාවිතා කර වඩාත් හොද සේවයක් රෝගීන්ට ලබා දිය හැකියි.

:       10       26

gunda Thursday, 12 December 2019 10:16 AM

මේ කියන්නේ ඩොක්ටර් වසන්ත දිසානායකට පසුගිය කාලය මුළුල්ලේම පිළිකා රෝහලට ගෙනාවේ බාල බෙහෙත් සහ කල් ඉකුත් වූ බෙහෙත් නම් අලුතෙන් වෙන්කරපු මුදල් පරණ බෙහෙත්වල හිඟගෙවන්න ගන්නේ ඇයි? ඒවා ගෙන්වපු අයට ගෙවන්න කියන්න. දිසානායකත් ඊට හවුල් නම් ඔබ ඔබේ සල්ලිවලින් ගෙවන්න. නැත්නම් හවුල් වෙච්ච අයට ගෙවන්න කියන්න. නැත්නම් බාල බෙහෙත්වලට නොගෙවා ඉන්න...

:       1       197

Lakmini Friday, 13 December 2019 10:00 AM

පිළිතුරක් ලෙස ඔබතුමා වෛද්‍ය පරිපාලන සේවයට අාවම ඔය විදියට කරන්නකෝ... කලින් ගත්ත බෙහෙත්වලට නොගෙවා අලුත් බෙහෙත් ගන්න තිබ්බා ඔයාගේ බාප්පාගේ කොම්පැනියෙන් බෙහෙත් ගත්තා නම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site