(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත බවට පී.සී.ආර්.පරීක්‍ෂණ මගින් තහවුරුවීමෙන් පසුව එම අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට අද (26) පියවර ගත් බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.
අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන ආසාදිත පුද්ගලයා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට දින කිහිපයකට පෙර ඔහු හිඟුරක්ගොඩ අධ්‍යපන කාර්යාලයට සේවය සඳහා පැමිණ ඇති බවද, කොළඹ කිරිබත්ගොඩ දළුගම ප‍්‍රදේශයේ පිහිටි සිය නිවෙසට ගොස් සිටියදී එහිදී සිදුකල පී.සී.ආර්.පරීක්‍ෂණයෙකින් කොරෝනා වයිරසය ආසාදිතවී තිබෙන බව තහවුරුවී ඇති බවත් වෛද්‍ය කුමාරවංශමහතා වැඩිදුරටත් කීය.
මේ අතර එම කෙරෝනා රෝගියාගේ ආශ‍්‍රිතයන් ලෙස දැනට හඳුනාගෙන ඇති 81 දෙනෙකු පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකළ බවද එම වාර්තා ලැබෙන තෙක් ඔවුන් සියලු දෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බවද ඒ මහතා කීය.
එම ආශ‍්‍රිතයන්ගෙන් 51 දෙනෙකු අධ්‍යාපන කාර්යාලයේ රාජකාරී කරන අය බවත් අනෙක් 30 දෙනා ගුරුවරුන් සහ ගුරුඋපදේශකවරුන් පිරිසක් බවද කුමාරවංශ මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය වහයි