IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හුංගමුව විදුහලේ සිද්ධියට විදුහල්පති පොලිසියේ දෙකක් රිමාන්ඩ්

( නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජූලිගේ )

බණ්ඩාරගම හුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් තිදෙනකු  විදුහලෙන් පිටතට  රැගෙන ගොස් පහරදී විදුලිය( කරන්ට්)  වැදීමට සලස්වන  ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  එම විදුහලේ විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පතිවරිය  සහ පොලිස් නිලධාරීහු  තිදෙනෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ(8) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම පස් දෙනා අධිකාරියෙන්  කෙරුණු  දැනුම්දීමක් අනුව  ඒ ආයතනය හමුවේ  ඊයේ (8) පෙරවරුවේ   පෙනී සිටියහ. එහිදීඔවුන්ගෙන්  පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගැනුණු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදුහල්පතිනිය සහ  පොලිස් නිලධාරීන්  දෙදෙනෙකු
ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

නියෝජ්‍ය විදුහල්පතිවරිය සහ පොලිස් ජිප් රථයේ රියදුරු( පොලිස් කොස්තාපල්) ඇප මත මුදා හැරුණු බවද  අධිකාරිය සඳහන් කරයි.

දරුවන්ට පහරදීම සිදුකර  ඇතැයි පැවසෙන්නේ පසුගිය 2 වැනිදා බදාදාය.

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැතිවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදුහලේ පස්වැනි වසරේ දරුවන් දොළොස් දෙනෙකු එහි පුස්තකාල කාමරයට දමා  පහරදීමෙන් පසු විදුහල්පතිනියගේ දැණුම් දීම මත පැමිණි මිල්ලනිය පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනකු විසින් ඉන් දරුවන් තිදෙනකු පොලිස් ජීප් රථයක නංවාගෙන කිසියම් ස්ථානයකට රැගෙන ගොස් පහරදී විදුලිය වැදීමට සලස්වනු ලැබ  තිබිණැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවිය.

සිද්ධියෙන් තුවාල ලැබූ  දරුවෝ තිදෙනෙක්  පසුව රෝහල් ගත කරනු ලැබූහ.

සිද්ධිය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  උදයකුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත එහි  විශේෂ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක්ද  අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු කණ්ඩායමක්ද
පරීක්ෂණ පවත්වති.
 



අදහස් (6)

හුංගමුව විදුහලේ සිද්ධියට විදුහල්පති පොලිසියේ දෙකක් රිමාන්ඩ්

අප්පුහාමි Tuesday, 08 November 2022 08:28 PM

මෙහෙම දෙයක් වෙන්නෙ මුදල් පසුම්බිය හිමි ගුරුවරියගේ අනවධානය නොසැලකිල්ල හා අකාර්යක්ෂමතාවය නිසා කියලා කියන්න පුළුවන් .දෙවනුව ලංකාවේ පළාත් සභා ඇතිවීමෙන් පසුව උසස්වීමේ තනතුරු සදහා නව තනතුරු සදහා අවශ්‍ය පුහුණුවක් රාජකාරි භාර ගැනීමට පෙර නොදීම කරනවා. ඉතින් සමහර පාසැල්වල විදුහල්පති මාරුවීමක් හෝ විශ්‍රාම ගියාම කරන්නෙ පාසැලේ වැඩිම කලක් හිටපු කෙනෙකුට විදුහල්පති තනතුර දීලා යනවා සුදුසුකම් තියෙන කෙනකු හිටියත් අදාල පාසැලේ සේවාකාලය අඩුනම් දෙන්නෙ නැහැ මේ විදුහල්පතිවරියත් පාලන කටයුතු කිසිවක් නොදන්නා කෙනෙක් කියන්න පුළුවන්. නැත්නම් දේශපාලන හිතවතියක් වෙන්න පුළුවන්. ඒකනේ පොලිසිය කැදෙව්වේ. මම කියන්නෙ මේවාට පැවති හා පවතින රජයන් සම්පූර්ණයෙන්ම වැරදියි. රාජ්‍ය සේවයේ යෙදවීමට අමතරව සෑම කෙනෙක්ම අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අවශ්‍ය දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය සදහා වරින්වර පුහුණුව දියයුතුය. 1987 වසරින් පසුව අවශ්‍ය පුහුණුවීම් නොදෙන තත්වයක් තියෙනවා. මේ අතර සේවකයින් කියාවි අපි උපාධිධාරීන් අපිට පුහුණුවක් අවශ්‍ය නැහැ කියලා. මෙහිදී එහෙමත් වෙන්න පුළුවන්.

:       1       32

ravin Tuesday, 08 November 2022 08:39 PM

මේ වගේ කට්ටියට දෙන්න ඕනි ඒගොල්ලන්ගේ ළමයින්ට ඒගොල්ලෝ විසින්ම අර පොඩි තුන්දෙනාට දුන්න දසවද දෙන්න කියන එක. එතකොට මහලුවෙනකොට තමන්ගේ ළමයින් විසින් අතිඋත්කෘෂ්ට විදියට සලකාවි.

:       0       26

Rexi Tuesday, 08 November 2022 09:55 PM

බොහෝම ස්තූතියි මේක පිළිබඳව ක්‍රියාත්මක වුණ කට්ටියට.

:       0       24

Sunil Wednesday, 09 November 2022 04:15 AM

මෙ අවස්තාවෙඩිවත් නීතිය යම්තරමක් දුරට ක්‍රියත්මක වන බවක් පෙනෙනව. මෙ කටයුතු නොකඩවා සිදු කර වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි. මෙ සිද්දියෙන් අගතියට පත් දරුවන්ට සිදුවූ ශාරිරික සහ මානසික බලපෑම ඔවුන්ගෙ ජීවිත කාලය පුරාම පවතියි.

:       0       3

Sk Wednesday, 09 November 2022 05:25 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මොනවා කියාවිද දන්නේ නැහැ.

:       0       6

fairoosWednesday, 09 November 2022 12:02 PM

මොනව කියන්නද මේක සුළු සිද්ධියක් කියයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site