IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොකී පිත්තට වාරණයක්

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ වාර්ෂික නිලවරණය පැවැත්වීම වළක්වාලමින්  අභියාචනාධිකරණය අද (28) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ලබන අගෝස්තු 03 වැනිදා තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වේ. ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ වාර්ෂික නිලවරණය අද පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙම අතුරු නියෝගයත් සමඟ නිලවරණය පැවැත්වීමද අභියාචනාධිකරණය විසින් අත්හිටවීය.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයට නව නිලධාරී මඩුල්ලක් තෝරා පත් කර ගැනීම සඳහා නිලවරණයක් කැඳවීමට ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීරණයට එරෙහිව හොකී සංගම් කිහිපයක් ගොනු කළ රිට් පෙත්සමක් ඊයේ(28* අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සමේ කරුණූ සලකා බලමින් මෙම නියෝගය පැනැවීය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

මෙලෙස නිලවරණයක් කැඳවීමට ක‍්‍රීඩා බලධාරීන්ට නොහැකි යැයි පවසමින් රාජ්‍ය සේවා හොකී සංගමය, කළුතර හොකී සංගමය, ගම්පහ හොකී සංගමය ඇතුළු මෙරට හොකී සංගම් කිහිපයක් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්,ක‍්‍රීඩා අමාත්‍යංශයේ හොකී ප‍්‍රධාන විධායක  නිලධාරි චමිලනාදී හේරත් ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ ඇත.

හොකී සංගම් වෙනුවෙන් නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා පෙනී සිටියේය. ලබන අගෝස්තු 03 වැනිදා පෙත්සම යළි කැඳවේ.



අදහස් (0)

හොකී පිත්තට වාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site