IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතුයි

(නිමල කොඩිතුවක්කු)

සැබෑ ජනමතය පාර්ලිමේන්තුව තුළින්  පිළිබිඹු නොවන බැවින්  හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී  පැවසීය.

ජනතාවට අවශ්‍ය  රටට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් විපක්ෂය කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද කීවේය.

අද මේ පාර්ලිමේන්තුව විකෘතියක් ඇති වෙනවා ඒ විතරක් නෙමෙයි සැබෑ ජනමතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු වෙන්නෙත් නැහැ එදා 2019 ,2020 මානසිකත්වය ඡන්දය ලබාදුන්න නියෝජනය ම තමයි පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ නමුත් පාර්ලිමේන්තුවේ පිට සම්පූර්ණයෙන්ම ඒ ජනමතය වෙනස් වෙලා. ඒක නිසා අපි විශ්වාස කරනවා හැකි ඉක්මනට මැතිවරණ යක් අවශයි කියලා.

පාර්ලිමේන්තුව තුළ ජනාධිපති වෙන්න ඡන්දෙ දුන්න ඒ උදව් කරපු 134දෙනාගේ ප්‍රධාන කොන්දේසියක් තමයි මැතිවරණයක් නොතිබිය යුතුයි කියන එක. ඒක නිසා අපි බලාගෙන ඉන්නවා ජනතාවත් එක්ක එළියට බහින්න. ජනතාවට අවශ්‍ය  රටට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා මැතිවරණයක් වෙනුවෙන් අපි ඒ කලයුතු හැම ක්‍රියාමාර්ගයක්ම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.



අදහස් (2)

හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතුයි

Saththaya Monday, 10 October 2022 09:36 PM

ඇත්තම තමයි , ඉක්මනට ඡන්දයක් ඕන , මේ ගොල්ලෝ සහ ලොක්කා බල හාමතේ .

:       0       1

Bamunuarachchi Tuesday, 11 October 2022 06:43 AM

මොකෝ බලයට එන්න හදිස්සිද? හොඳයි කැබිනට් ඇමති කමක් දැන් ලැබුනොත් හැකි ඉක්මනින් මැතිවරණයක් ඉල්ලනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site