IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සා.පෙළ ප්‍රතිඵල අද හෙටම

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අද (21)  පැවසීය.

මේ අතර අපොස  උසස් පෙළ විභාගය පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බවත් පසුගිය උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව මාස තුනක්  ප්‍රමාදවූ නිසා බවත් අමාත්‍යවරයා කීවේය.

නැත්නම් උසස් පෙළ  නොවැම්බර් පටන් ගැනීමට හැකියාව තිබූ බවද ඔහු කීවේය.

ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

දරුවන් ලක්ෂ අටකට සපත්තු ලබන වසරේ ලබාදීමට කටයුතු කරන බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ප්‍රාථමික පන්ති සියල්ලටම ලබන අවුරුද්දේ දිවා ආහාරය ලබා දීමට සැලසුම් කර ඇතැයි පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා විභාග කල් යෑම නිසා දරුවන් වයස්ගත වන බවද  සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පරීක්ෂණ දීමනාව ගැන ධනාත්මක වැඩපිළිවෙළක්  සැලසුම් කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

සා.පෙළ ප්‍රතිඵල අද හෙටම

තනුර Tuesday, 21 November 2023 02:36 PM

පරශ්න පත්තරයක් බලාගන්න බැරි උන් රට හදයිද????

:       0       3

S.P.G.S.KUMARA Tuesday, 21 November 2023 04:56 PM

අපේ දරුවන් වළ පල්ලේ. අපේ බදු සල්ලි වලින් උන්ගේ ළමයි සුර ලෝකේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site