IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෞඛ්‍යයට - ජනමාධ්‍යයට සහය දෙන බව ජුලී චංග් කියයි

(අංජුල මහික වීරරත්න)

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දීමට ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් මහත්මිය  එකඟතාවය පළ කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම හමුවේ දී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ මෙන් ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය  මෙන් ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා ඇමරිකා රජය දක්වන සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙරට ක්‍රියාත්මක නිදහස්  සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ මෙන් ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට  නව රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළේය.

එමෙන් ම මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව දේ‍‍‍‍‍‍ශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ ආයුර්වේදය හා බද්ධ කරමින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද එවැනි විශේෂ සැලසුම් සහගත ව්‍යාපෘති රාශියක් වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.‍



අදහස් (6)

සෞඛ්‍යයට - ජනමාධ්‍යයට සහය දෙන බව ජුලී චංග් කියයි

upul Attanayake Wednesday, 22 January 2025 01:45 PM

අනේ අපිට සෞඛ්‍ය රැකගන්න උදව් එපා. ඔය සෙට් එකත් අරගෙන ගිහින් ඇමරිකානුවන්ට නිකන් බෙහෙත් දෙන්න, නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් හොයාගන්න බලන්න. මේ දෙගොල්ලම හොර කථානායකලා.

:       5       29

Nishan Wednesday, 22 January 2025 03:01 PM

දැන් ඔබතුමීගෙන් සද්දයක් නෑ. ගිය ආණ්ඩු කාලේ සහ ජනාධිපතිවරණෙන් ඉස්සෙල්ලා නම් පුදුම කන්දොස්කිරියාවක් තිබුනේ.

:       3       27

Gavin Wednesday, 22 January 2025 04:05 PM

මෙයා අගමැති වගේනෙ.. අම්මෝ ලංකාවට තියන ආදරේ...

:       3       23

[email protected] Thursday, 23 January 2025 09:49 AM

මේ අයව ගෙනාවේ මෙයාලනේ .ඒ නිසා අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕනනේ නේද. පුදුම විදියට මහන්සි උනේ මේ අයව ඔතනට ගන්න

:       0       23

Vithana Thursday, 23 January 2025 05:05 PM

පැලවත්තේ සුදු මැඩම්....

:       0       22

ඩිනිත් දීපාල් Thursday, 23 January 2025 07:05 PM

මේ බෝන් අගේන් පල්ලියේ දූතිකාව ලන්කාවට හතුරුකම් කරන බුද්ධාගම පෙන්නන්න බැරි හෙරව හම්බවෙන්න JVP රිලව් සූට් ගහලා ඇවිල්ලා ලැජ්ජා නැති හීනමානයෙන් පෙලෙන... ද්‍රෝහී JVPපච රැල ...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site