IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සෝමරත්න දිසානායක ලෙස රඟපෑ තැපැල් සේවකයා රිමාන්ඩ්

(රෝෂන්  තුෂාර)

වීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා ලෙස පෙනී සිටිමින් තරුණියන් රවටා ලිංගික හිංසන සිදු කළේ යැයි අත් අඩංගුවට පත් පොල්ගහවෙල තැපැල් සේවකයා ලබන විසි එක දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (7) නියෝග කළාය. 

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉසුරු කරුණාදාස සැකකාර තරුණයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සැකකරු චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන්ගේ නිරුවත් රඟපෑම් වට්ස් ඇප් නරඹා ඇති බවත්, ඔවුන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වසර දෙකක කාලයක් ගත වූ බවද රහස් පොලිසිය පැවසීය.

කිසියම් පුද්ගලයෙකු තමන්ගේ ඡායාරූපය යොදා සකස් කර ගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවට චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. 



අදහස් (1)

සෝමරත්න දිසානායක ලෙස රඟපෑ තැපැල් සේවකයා රිමාන්ඩ්

Perera Thursday, 07 August 2025 05:35 PM

ඔස්කා සම්මානයට අරින්න ඕන මිනිහෙක් ඇයි රිමාන්ඩ් එකට ඇරියේ...? නියම රංගනයක් කාලයක් තිස්සේ කරලා තියෙන්නේ...

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 329 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site