(අමදෝරු අමරජීව)
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණ වංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අපවත්වී ඇතැයි එම විහාර ආරංචි මාර්ග කියයි.
අක්මාවේ සම්බන්ධ ශල්‍ය කර්මයක් සඳහා මීට මසකට පමණ පෙර ඉන්දියාවට ගිය උන්වහන්සේ එම රෝහලේ දී ශල්‍යකර්මයට සූදානම්ව සිටන අතර තුර කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතරු ලැබුණු බව එහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පවසති.
කොරෝනා තත්ත්වය නිසා දේහය මෙරටට වැඩම කරවීම අවිනිශ්චිත බවද ශිෂ්‍ය හිමිවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිංවත් ස්වාමීන්වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා !!!
නිවන් සුව ලැබේවා!
ඔබවහන්සේට නිර්වාණ සුව සම්පත්තිය අත්වේවා.
හිමියනි, නිවන් සුව ලැබේවා...!!!
ස්වාමීන්වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා !!!