(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
සිය නැගණිය සමග විවිධ ඇදුම් ඇදගෙන නිවසේ සෙල්ලම් කරමින් සිටි මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි දැරියක් චීත්ත රෙද්දක් ගෙල සිර වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කොටවිල පොලීසිය පවසයි.
එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත්තේ මිරිස්ස හේන්වල පදිංචිව සිටි දංකොලුවලියනගේ චතුමී නිසල්කා(11) නැමැති සිසුවියකි.
ඉකුත් වසරේ දී ශිෂ්‍යත්ව විභාගය සමත් වීම නිසා ඇය මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වෙත සුදුසුකම් ලබා එහි 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
ගුරුවරියක ලෙස මවගේ සාරි ඇද ගෙන නැගණියට ඉගැන්වීම, චීත්තයඇද ගෙන මිත්තනිය මෙන් රඟපාමින් නැගණිය සමග විනෝදයට කර ඇයි බව කියති.


COMMENTS
සතියකට හෝ දෙකකට පමණ පෙර අපි ලියා තැබුවා මෙවැනි දේවලින් ආරක්ෂා වීමට නිතරම වැඩිහිටියන්ගේ අවධානය දරුවන් වෙත යොමු විය යුතු වග. නැවතත් එවැනිම අවාසනාවන්ත සිදුවීමක්.
රත්තරන් දුවේ යලි කිසිදු බවයකදී ඔබට මෙවන් විපතක් නොවේවා..... පුතේ ඔබට නිවන් සුව අත්වේවා.....!!!
හරිම දුකයි.
පව් අසරණ ළමයි.
අවාසනාවන්ත සිදුවීමක්. ඉතාම කණගාටුයි