
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට අලුයම 2.33 අලුත් අවුරුද්ද උදාවේ .
අද 8.09 සිට හෙට පූර්ව භාග 08.57 දක්වා දක්වා පූණ්‍ය කාලය වේ. අද 8.09 සියලු වැඩ අත්හැර ආගමික වතාවත් යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් 14 වැනි දා බදාදා පූර්ව භාග 02.33ට සිට එදිනම පූර්ව භාග 08.57 දක්වා කාලය තුළ ආහාර පිසීම හා වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම යෝග්‍ය වේ.
හෙට පූර්ව භාග 06.17ට ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ එළකිරි මිශ්‍ර හා මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කර ගැනීම සුදුසු බව නැකත් චාරිත්‍ර කියයි.
වැඩ ඇල්ලීම පූර්ව භාග 07.41ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කිරීම යෝග්‍ය බව ද නැකත් චාරිත්‍රවල සඳහන් වේ.
හිස තෙල් ගෑම සෙනසුරාදා පූර්ව භාග 07. 16ට දකුණු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුගපත් මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd