
(අමදෝරැ අමරජීව )
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරයට රැගෙන යෑමට ත්‍රිකුණාමල වරායේ සිට ප්‍රවාහනය කළ මීටර 76 ක දිගින් යුත් සුළං පෙත්තක් රැගත් ලොකු ලොරියක් අද (02) පස්වරුවේ වරාය පිවිසුම් දොරටුව අසලදී පෙරළී යාමෙන් වරායේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වූ බව වරාය අධිකාරිය කියයි.
දිගින් මීටර 76 වන පයිබර් ග්ලාස් වලින් නිෂ්පාදිත මෙම සුළං පෙත්තක බර ටොන් 36 ක් වන අතර ලොරියකින් ප්‍රවාහනය කිරීම සඳහා වරාය පිවිසුම් දොරටුව අසලට රැගෙන එද්දි ලොරියේ සමබරතාවය ගිලිහී යෑම නිසා මෙලෙස ලොරිය පෙරළී ගොස් තිබේ.
මෙම සුළං පෙති චීනයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර මෙලෙස ගොඩබාන ලද සුළං පෙති දහයෙන් හතක් මන්නාරමට ප්‍රවාහනය කර තිබුණි. ඉතිරි ඒවායින් එකක් ප්‍රවාහනය කරද්දී මෙම අනතුර සිදුවී තිබේ.
මෙහි ප්‍රවාහන කටයුතු පෞද්ගලික සමාගමක් විසින් සිදුකරන බවත් එක වරකට එක් ලොරියකින් ප්‍රවාහනය කළ හැක්කේ එක් සුළං පෙත්තක් බව වරාය සේවකයෝ කියති.
අනතුරෙන් ලොරි රථයේ රියදුරු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

2025 ඔක්තෝබර් මස 08
1901
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1519
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුළං පෙත්තත් සමග ලොරිය පෙරළිලා