(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මඟ පෙන්වීම මත කළුතර ප්‍රාදේශීය සභාව පරිසර සුරක්ෂිතතාව අරමුණූ කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන “පරිසර පොළ” සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
කළුතර වස්කඩුව, වාඩියවත්ත ක්‍රීඩාංගණයේ පැවැති “පරිසර පොළ ට ගිය අමාත්‍යවරයා භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කිරීම, අලෙවි කිරීම, සහ වෙළෙඳුන් විසින් මිල දී ගැනීම ඇතුළු අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කළේය.
එමෙන් ම අදාළ වැඩසටහන ක්‍රියාත්මක වන අකාරයත්, පවතින අඩුපාඩු පිළිබඳවත්, එම වැඩපිළිවෙළට උපරිම ජනතා සහභාගීත්වයක් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහි දී අමාත්‍යවරයා සොයා බැලුවේය.
භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කිරීමේ “පරිසර පොළ” වැඩපිළිවෙළ යටතේ බාර ගනු ලබන ද්‍රව්‍ය නිසි පරිදි වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීකරණ කටයුතු සදහා අදාළ ආයතන වෙත සපයනු ලබන අතර, ඒ තුළින් විශාල වශයෙන් පරිසරය දුෂණය වීමෙන් වළක්වා ගැනීමට අවස්ථාව උදා වන බව අමාත්‍යංශය පවසයි.
නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල හා සේවා ස්ථානවල භාවිතයෙන් ඉවතලන පොලිතීන්, වීදුරු, පොල්කටු, ටින්, යකඩ, ඇලුමිනියම්, කඩදාසි, පොත්, පත්තර, කාඩ්බෝඩ්, විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම “පරිසර පොළ” වෙත භාර ගනු ලබන අතර, ඒ සදහා මුල්‍ය වටිනාකමක් ද එම ද්‍රව්‍ය ලබාදෙන්නන්ට ගෙවීම විශේෂත්වයකි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
සුව ඇමති පරිසර පොලේ යයි