
(රෝෂන් තුෂාර)
කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 06 දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරුවන් ලබන 07 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වන සැකකරුවන් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මීට දින පහකට පෙර කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරාගැනීමේ සිද්ධියකට අදාලව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අද පස්වරුවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්,සැකකරුවන් පිළිබඳ විමර්ශන සිදු කරන හෙයින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ අනූජ පේමරත්න්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු කිසිසේත් පිළිගත නොහැකි බවය.
සොරා ගත්තේ යැයි කියන මුදලින් කොටසක් යළි සැකකරුවන් විසින් ලබා දුන්නේ යැයි කියන පැමිණිලිකරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට දින ගණනක් ගතකොට ඇති බවද පැවසීය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1768										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1768										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1452										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1452										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුරාබදු පස් දෙනා හත දක්වා රිමාන්ඩ්
රනේ Friday, 31 October 2025 06:31 AM
හොරු වෙනුවෙන්ම උපන් නීතීඥයන් හඳුන ගන්න ඔබටත් පුළුවන් ද..?
maalaka Friday, 31 October 2025 08:06 AM
ලජ්ජයි,මෙහෙම හිවල්ලු ගැන . රස්සාවක් නැති, බඩගින්නේ ඉන්න කෙනෙක් හොරකමක් කළොත් සමාව දෙන්න පුළුවන්. එත් මේ නරි? හොරකන් කරලා මහ ලොකු ගෙවල්/වාහන අරං වටේට සංදර්ශන දායි .”
rantha Friday, 31 October 2025 08:33 AM
මේ රටේ හොරකමක් මංකොල්ලයක් මිනීමැරුමක් කරපු හැම එකාම අල්ලන ලෝයර් තමා ඔය. සල්ලි දෙනවනම් තමන්ගේ ගෑනිව මරන උන් වෙනුවෙන් හරි පෙනී ඉදිවි. මෙයාගේ වත්කම් ගැන පරික්ෂණයක් කරොත් හොද නැද්ද. ආදායම් බදු වෙලාවට ගෙවනවද කියල