IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එළියට දානවා

(අංජුල මහික වීරරත්න)

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

මේ වන විට හතු පිපෙනවා සේ හැදෙන සන්ධාන වලින් වැඩක් නැතැයි කී කරුණානායක මහතා ඇතැම් සන්ධාන බිඳ වැටෙමින් තිබෙන බව කීය.

එළඹෙන මැයි දින සැමරුම හරහා එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම් බව කී කරුණානායක මහතා  පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය. හැමදාමත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි අවස්ථාවේ රට සංවර්ධනය වූ බව කී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂය දුර්වල වූ අවස්ථාවේ රට බංකොලොත් වූ බව කීය.

වැඩ කරන,රට හදන සන්ධානයක් නිර්මාණය කරමින් සිටින බව කී කරුණානායක මහතා  රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි  පාර්ශව සමඟ සන්ධාන හදා තේරුමක් නැතැයි පැවසීය.



අදහස් (19)

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එළියට දානවා

Anura Friday, 29 March 2024 07:10 PM

මොකක්ද මේ බලවත් සන්ධානය? මහබැංකු හොරුන්ගේ සහ සීනි බදු හොරුන්ගේ බලවත් සන්ධානයද?

:       6       53

ඉන්දික Friday, 29 March 2024 07:54 PM

ඔය සන්දානේ පොහොට්ටුව එජාපය ඇවිල්ලානේ තියෙන්නේ... අමුතුවෙන් මොන සන්ධානද?. ඕවා අතුගෑවිලා යනවා මොන සංධාන ගැහුවත්...!

:       5       40

Buddika Friday, 29 March 2024 07:56 PM

මොනවා කළත් මිනිස්සු ump එකටවත්, මෙයාටවත් ඡන්දෙ දෙන්නේ නෑ. පොහොට්ටුවට දෙන්නෙත් නැහැ. unp, පොහොට්ටු දෙකම සුළු පක්ෂ වෙලා ඉවරයි.

:       4       45

chandima Friday, 29 March 2024 09:01 PM

මේ පාර වෙනින් ඔලුබක්කෝ දාගෙන ඇවිත් දෙන්න වගේ යන්නේ..?

:       4       37

Sena Friday, 29 March 2024 09:13 PM

එළියට දානකොටම යනවා.

:       5       35

Prabha Friday, 29 March 2024 09:41 PM

සුදුසු වෙලාවක් බැලුවට අපිට කමක් නෑ... කාටවත් පේන්න නම් එළියට දාන්න එපා...

:       4       32

Daime Friday, 29 March 2024 09:51 PM

බැංකු මංකොල්ලකන්න පුළුවන් ටීම් එකක් හදාගන්න. හැබැයි අපිට අමතක නෑ...!

:       4       34

Dharmatileke Friday, 29 March 2024 10:55 PM

දැනට කොහේද හංගගෙන ඉන්නේ..?

:       4       31

Asela Saturday, 30 March 2024 01:01 AM

ගියපාර ඔබලාට මොකද වුනේ කියලා කල්පනා කරලා බලන්න සේරටම කලින්...!

:       0       4

සේනක ඉතාලිය Saturday, 30 March 2024 02:02 AM

මෙදාපාර එන්නේ, මොන බැංකුවට කෙලින්නද?

:       1       3

චතුරි Saturday, 30 March 2024 02:04 AM

ජනතාවට වැඩිය බලවත් කිසිම කෙනෙක් නැහැ දැන්. ඔබලාට ගිය රට එහෙනම් හොරා කකා දඬුවම් නැතිව ජනතාව තවත් රවට්ටන්න හිතුවා මදි... කට්ටියම නිරුවත පෙන්නන්න්ද ඉන්නේ අන්තිම මොහොතේ.

:       0       2

chandima Saturday, 30 March 2024 06:19 AM

සජිත් ආපහු ඇවිත් දිගටම කොට අදින්න කැමැති වෙලා වගේ...?

:       0       4

මරික්කාර් Saturday, 30 March 2024 06:35 AM

සන්ධානය එළියට දාන කොට තමාට ඕක එක වේලයෙන්ම අමතක වෙයි. බලාගෙන....

:       0       4

චින්තක Saturday, 30 March 2024 07:00 AM

අදහස් දක්වා තියෙන සෑම කෙනෙක්ම රින ආකල්ප සහිත අදහස් ඉදිරිපත් කර තියෙනවා. මේ අදහස සඳහා ගිගුරුම් සහිත අන්ලයික් වැස්සක් වහීවි. ඒත් සත්‍ය තත්වය කියන්න ඕනෑ 2019 මහමැතිවරණය අවසානයේ එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැතිවුණා.. ඉතිරි වුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් පමණයි. එහෙම වෙන්න පක්ෂයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියා වගකිවයුතුයි කියලා කියන්න... පුළුවන් එහෙම වුණත් කල්‍ යල් බලා ලැබූ මන්ත්‍රී අසුන වෙනුවෙන් රනිල් දිවුරුම් දුන්නා... වැඩිකලක් නොගොස් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනාට ජනාධිපති තනතුර ලැබුණා... එහෙම නම් රවීගේ බලාපොරොත්තුව සාර්ථකව ඉෂ්ට වෙනවා කියලා ස්ථිරවම කියන්න පුළුවන්...!

:       6       2

BuddikaSaturday, 30 March 2024 12:47 PM

මෙයාගේ ප්‍රායෝගික දැනුම රින 1ක් තියෙන්නේ. මිනිස්සුන්ට 3 වේල කන්න නෑ. බඩු මිල අහස උසට... රජය ගන්න සියලුම තීරණ මිනිස්සු අසරන කරලා. රජයේ සේවකයින්ට පඩි වැඩි කළා. ඒවා ගෙවන්න සල්ලි හොයන්නේ සියලුම බදු වැඩි කරලා. මේවාගෙන් වදින්නේ මිනිස්සුන්ට. අද ණය ගෙවන්නේ නෑ. වාහන ගෙන්වන්නේ නෑ. ඒවා කරන්න ගත්තු ගමන්ම එක වේලක් කන්නවත් නැතිවෙනවා. ජාතික ආදායමෙන් 90% වඩා ගත්තු ණයට පොලිය විතරක් ගෙවන රටක් මේක. මේ විනාශය කරපු රාජපක්ෂ පරපුර රකින්නේ මේ ආණ්ඩුව. ඡන්දේ ගන්න ගෙදරකටවත් පය ගහන්න unp හෝ පොහොට්ටුවට බෑ...

:       1       7

Gamini Saturday, 30 March 2024 08:45 AM

අපි සජබෙට ගියේ මේ අය නිසා තමයි...

:       8       4

Bellaa Saturday, 30 March 2024 11:54 AM

අපේ මොකුත් එළියට දාන්න ඉස්සර... ගෙදරට වෙලා ඉන්න.

:       1       3

nanda Sunday, 31 March 2024 06:52 AM

සන්ධාන හදාගන්න.. ඒ වුණාට මිනිස්සුන්ට රට බංකොළොත් කරලා මිනිස්සු බඩගින්නේ තියපු UNP සෙට් එක එපාවෙලා තියෙන්නේ...

:       0       1

කොමිස් නිංජා Monday, 01 April 2024 10:13 AM

අපිට හිතෙන විදියට එකපාරටම මේසේ උඩට නැගලා එළියට දායි... වයස හරි නැහැ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 30 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 713 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1355 8

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1447 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු
2024 අප්‍රේල් මස 27 54 0

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.


’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 846 1

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 352 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1736 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site