IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සිවිල් ආරක්ෂක භටයෝ 10000 ක් පොලිසියට වනජීවීයටත් 5000ක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දස දහසක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා ඉදිරියේදී අනුයුක්ත කර විශේෂ දීමනාවක් ලබාදී පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

මීට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන් පන්දහසක් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා නිලධාරීන් 3975ක් අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා දැනටමත් යොමු කර ඇති බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන් එම දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු වල දිගටම නිරත වන බවත් කිසිම නිලධාරියකුගේ රැකියා සුරක්ෂිතභාවයේ කිසිදු ප්‍රශ්නයක් ඇතිවී නැති බවත් අමාත්‍යවරයා පැවසීය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31422 ක් සිටින බවත් එම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘතිවලින් මේ වර්ෂයේදී රුපියල් කෝටි 94කට ආසන්න ආදායමක් උපයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය සතියේ සිට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සිවිල් ආරක්ෂක නිලධාරීන් ඔවුන් පදිංචි ප්‍රදේශවලටම මාරු කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ආනන්ද විජේපාල මහතා පැවසීය.

 



අදහස් (0)

සිවිල් ආරක්ෂක භටයෝ 10000 ක් පොලිසියට වනජීවීයටත් 5000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 501 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site