(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් අද දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වන පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියකි.

දැරිය සුපුරුදු පරිදි මව සමග  කාමරේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේදී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය කියයි.

මව දැරිය පිළිබඳව විමසිලිමත් වීමේ දී දැරියට මුත්‍රා පහ වී අයුරු දුටු මව දැරියගේ ඇඳුම් මාරු කිරීම සූදානම් වීමේදී දැරියගේ ශරීරය අප්‍රාණිකව ඇති අයුරු දැනි කලබල වී සිය සැමියාට ඒ බව දුරකථනයෙන් දන්වා දරුවා වඩාගෙන නිවස ඉදිරිපිටට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකින් දැරියව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බවට දැනුම් දී ඇත .

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද 12 හොරණ මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුසුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ සිදු ඉදිරියේ සිදුකිරීමට නියමිතය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්තුරුන් ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිසිය වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්න මහතා ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.