IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා

(කේෂර ගුණතිලක)

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.

මියනකඳුර බූටාවත්ත පේළි නිවාසයක පදිංචි අවුරුදු හතරක් වයසැති දරුවකුට ඉකුත් (16) වැනිදා සීනි කරිඤ්ඤං පෙවීම නිසා දරුවා හිඟුරුකඩුව රෝහලට ඇතුළත්කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත.

දරුවාගේ මවුපියන් ඇතුළු පේළි නිවාසයේ පදිංචි පවුල් කිහිපයක් නීතිවිරෝධී මත් දියර පානයට ඇබ්බැහි වී සිටින අය වන අතර අසල්වැසි පේළි නිවාසයක කාන්තාවක දරුවාට සීනිකරිඤ්ඤං පොවන ලද බවට දරුවාගේ මව පොලීසියට පැමිණිලිකර අැත.

ඒ අනුව දරුවා රෝහල් ගතකර අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් ලබාගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි.

 



අදහස් (0)

සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල හාල් බෙදූ මෝල් හිමියාට වැඩ වරදි
2024 මැයි මස 01 57 0

සෙවනගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල් සැපයුම නවතා දැමීමට සෙවණගල ප්‍රාදේශීය


මැයි දිනයට ලංගමයෙන් බස් 685ක්
2024 මැයි මස 01 78 0

පක්ෂ හයක නියෝජිතයන් අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය


‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘
2024 මැයි මස 01 608 0

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.


තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’
2024 මැයි මස 01 154 0

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.


මැයි දින රැළි වලින් කොළඹ ගිගුම් දෙයි
2024 මැයි මස 01 1001 1

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.


ට්‍රම්ප් දඩ කයි
2024 මැයි මස 01 1053 1

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 419 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1833 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1647 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site