IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සියලු දෙනා එකතු කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදනවා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පෙළ පොත මිලදී ගැනීමට පාර කපන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරාජය කිරීමට සියලු වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාර සහ ශිෂ්‍ය ව්‍යාපාර සමඟ එකතුව සටහන් කරන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා අද (27) පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව දැනුවත් කිරීමට අධ්‍යාපන වෘත්තිය සමිති එකමුතුව කොළඹදී අද (27) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී වාස් ගුණවර්ධන මහතා එසේ පැවසීය.

2026 වසරේ පළමු වසරේ සිංහල මොඩියුලයේ පළමු වාරයට පමණක් බාර්කෝඩ් 42 ක් ඇති බවත් ඒ අනුව දෙම්පියන්ට 42 වතාවක් කොමියුනිකේෂන්වලට යෑමට සිදුවන බවත් ගුණවර්ධන මහතා කීය.

දෙම්පියන් විදින ඒ අපහසුතාවය දැණෙන විට එළියේ සිටින අධ්‍යාපන මුදලාලි කෙනෙක් පෙළ පොත මුද්‍රණය කරන බව කී වාස් ගුණවර්ධන මහතා එවිට රජය පෙළ පොතෙන් අයින් වී පෞද්ගලික අංශයෙන් පෙළ පොත මුද්‍රණය කළ විට දෙම්පියන්ට පෙළ පොත සල්ලිවලට ගන්න තැනට වැඩේ හැදෙන බව ද සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොව විෂයමාලා ප්‍රතිසංස්කරණයක් බවත් මෙම ප්‍රතිසංස්කරණ තුළ සියලු ප්‍රශ්නවලට විසඳුම් ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරිය සිතා සිටින බවත් එම මාධ්‍ය හමුවට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

ආණ්ඩුව මෙම ප්‍රතිසංස්කරණ කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ නම් ක්‍රියාත්මක කරන ලෙස පවසන බවත් නොවැම්බර් මස 7 වැනිදාට පෙර ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කළ යුතු අතර  එසේ නොවුණ හොත් දෙසැම්බර් මස පළමු සතියේ පාසල් ආරම්භයත් සමඟ ක්‍රියාමාර්ග ගන්නා බවත් ස්ටාලින් මහතා කීය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරයා, විදුහල්පතිවරයා පීඩාවට පත්කර පාසල් පස්වරු 2.00 දක්වා පැවැත්වීමට වන සූදානම අනිවාර්යෙන් නතර කළ යුතු බව ද ජෝශප් ස්ටාලින් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (18)

සියලු දෙනා එකතු කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදනවා

Niranga Monday, 27 October 2025 09:54 PM

අමු කාලකන්නියෙක් ... මන්ද බුද්ධිකයෙක්

:       1       5

Ramani Tuesday, 28 October 2025 12:14 AM

ඕන එකටයි එපා එකටයි ඔහේ කෑගහන මේ ***ගේ පුතාලා නිසා තමයි අපේ අධ්‍යාපන මට්ටම ඉතාම පහත මට්ටමක තියෙන්නේ.බටහිර දියුණු රටක දරුවෙකුගේ තිබෙන දැනුමෙන් බාගයක්වත් අපේ දරුවන්ට තියෙනවාද ?ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න හදද්දී මේ " නාකියෝ " කෑගහනවා..උන්ට කැමති නැහැ අපේ දරුවන් උසස් දැනුමකින් අනාගතයට මුහුණ දෙනවා දකින්න .නොදෝමකින් විතරක් මේ නාකි හැත්ත !!!

:       0       13

Pradeep Tuesday, 28 October 2025 01:15 AM

ලෝකය ඉස්සරහට යද්දී අපේ ලමයි අතීතයට යවන්න හදන කාලකන්නි

:       0       9

Nishan Tuesday, 28 October 2025 02:46 AM

පලපුරුද්දක් නැතිකම තමයි. පලපුරුද්ද නැති නිසා මෙතුවක් කල් කිසිම ආණ්ඩුවකින් නොකරපු විනාශයන් ඇඟට පතට නොදැනී කරනවා රටේ නායක පූජ්‍ය පක්ෂයත් රවටමින්. ඕවා කරලා ඉවර වෙනකොට අධ්‍යාඅපනය විතරක් නෙවෙයි අනෙකුත් සියළුම දේ අවුල් ජාලයක් වෙලා තියෙයි.

:       12       1

Prasanka Tuesday, 28 October 2025 04:51 AM

මුන් එක්ක රට හදන්න බැහැ අදහස් ඉල්ලපු වෙලාවේ ගිහින් කියන්න තිබුනා මොනවා ද කරන්න ඕන කියලා

:       1       12

Praba Tuesday, 28 October 2025 05:38 AM

මහත්තයෝ. දැනටත් ළමයි දහයෙ පංතියෙන් පස්සේ ඉස්කෝලේ යන්නෙ නෑ. එකේ පංතියේ ඉඳල ටියුෂන්. ටියුෂන් මුදලාලිලා කෝටි ගණන් හම්බ කරනව. කීයක් හරි තියෙන පවුල් වල අය ළමයිව රට යවනවා. නැති බැරි අයට ත්‍රිරෝද උරුම වෙනව. විශ්ව විද්‍යාල පිටවන අය රජයේ රස්සා හොයනව. තරහ ගියාම ගහන්න ඕනෙ බනින්න ඕනෙ කියලා පොඩි කාලේ ඉඳල ළමයිට ටීචර්ල ක්‍රියාවෙන් උගන්නනවා. අම්මල තාත්තල ඉස්කෝලෙට යන්න බයයි ගුරුවරුන්ගෙන් බැනුං අහන්න වෙන නිසා. පාසල් වල වන ළමා හිංසනය අප්‍රමාණයි. අපේ අධ්‍යාපනය මේ තත්ත්වයට පත් වෙනකං ඔබ තුමාලා කොහෙද හිටියෙ

:       0       12

chandima Tuesday, 28 October 2025 06:21 AM

අන්න හරි ලොක්කා රෙද්ද උස්සාගෙන කපපන් වල. කරන්න දෙන්න එපැයි දෙයක් . පොත් නැති උනත් කමක් නැහැ.

:       1       11

Ranjith Tuesday, 28 October 2025 06:38 AM

මේ වන විට පාසැල් වල පළමු පන්තියට දරුවන් ඇතුලත් කිරීම සදහා දැඩි තරගයක් පවතී. මෙයට හේතුව රටේ පාසල් පද්ධතිය තුල පවතින විෂමතාවයි මේ නිසා සැමට සාධාරණ පාසැල් පද්ධතියක් ඇති කිරීම පළමුව කල යුතුයි ම‍ෙ සදහා 1-5 පාසැල් පද්ධතිය වෙනම පැවතීම සුදුසුයි

:       0       5

Malika Tuesday, 28 October 2025 06:52 AM

පිරටවල සිටින දරුවන් නිදහසේ අධ්‍යාපනය හදාරන හැටි දකිනකොට අපේ දරුවන්‍ට මේ වදය ගැන කනගාටුයි. සතියේ දවස් 5 නැති උනත් සතිටට දවස් 2 වත් පිටරට දරුවන්ට ව්ශයමාලා හදලා තියනවා. ටියුශන් ගුරුවරු බිහිවෙලා නැහැ ලංකාවේ වගේ. පංතියකට ලමයි විසිපහකට වඩා නැහැ. දරුවන්ට ආසාවෙන් පාසැල් යන විදියක් මේ රටවල තියෙන්නේ. ඔය කියන සංගම් දරුවන් ගැන හිතලා තීරන ගත්තොත් හොඳයි.

:       0       6

මම බබා Tuesday, 28 October 2025 07:00 AM

අනිත් වැඩ කරන මිනිස්සු හවස 5 වෙනකන් වැඩ කරනවා නම් ගුරුවරුන්ට 2 වෙන කන් වැඩ කිරීම පිඩාවක් වෙන්නේ කොහොමද ?

:       0       8

පාඨකයෙක් Tuesday, 28 October 2025 09:14 AM

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1980 වසරේදී සියලු පාසල් සිසුන් වෙනුවෙන් නොමිලේ පෙළ පොත් ලබා දීම ඇරඹුවේ වසරක් පාසා අලුතින් පොත් මුද්‍රණය කිරීමට නොවේ. එක් පාසල් වසරකට ලැබෙන පොත්, ඊළග ශ්‍රේණියට යන විට ආපසු භාර දෙන ක්‍රමයක් අනුගමනය කෙරිණි. සාමාන්‍ය පෙළ සිසුන්ට 9 ශ්‍රේණියේ පෙළ පොත් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තුරු භාවිත කිරීමට අවසර දෙනු ලැබිණි. එසේ කිරීමට හැකි වූයේ, අලුතෙන් අධ්‍යාපන ඇමතිවරුන් පත් වන වාරයක් පාසා "අධ්‍යාපන ප්‍රතිසංස්කරණ" නාමයෙන් අලුතෙන් පෙළ පොත් මුද්‍රණය නොකෙරුණු බැවිනි. එමෙන්ම එකල පෙළ පොත් මුද්‍රණය පුද්ගලික අංශයට පවරා නොතිබිණි. වාර්ෂිකව පෙළ පොත් මුද්‍රණය කිරීම අනවශ්‍ය මහා පරිමාණ වියදමක් වන අතර, ඊට විසඳුම සරලය. එනම්, නොමිලේ ලැබෙන පොත් තවත් සිසුවකුට භාවිත කළ හැකි ලෙස පරෙස්සමෙන් භාවිත කිරීමට සිසුන් පුහුණු කිරීම සහ අත්තනෝමතික ලෙස විෂය මාලාව වෙනස් නොකිරීමයි.

:       0       5

රනේ Tuesday, 28 October 2025 09:58 AM

ජනතා හිතවාදී මාලිමාවො එහෙම කරනවද අනේ. මේ වැලේ වැල් නැති NGO කාරයෝ. නිවුස් දාල මේ වගේ කබ්බන්ව පුම්බන එක තමයි දැනට තියෙන ප්‍රශ්නෙ.

:       1       6

Ranjith Dissanayake Tuesday, 28 October 2025 10:04 AM

ලාංකික සමාජය තුල ඇති දුර්වලම ගුනාන්ගයක් තමයි විරැද්ධවීම. ඉතිං මම දේශපාලනයට සම්භන්ද නොවුන කෙනෙක් හැටියට යාවත්කෙලීන කිරීම අත්‍යවශ්‍යම දෙයක් ලෙස දකාමි. නමුත් අපේ ලිං මැඩියො හැමදේටම දේශපාලනය ඈදගන සහ ප්‍රජාතාන්ත්‍රික නමැති නිදහස අතට ගෙන දගලනව. හැම දේම හැමටම ඕනෙ විදියට කරන්ඩ ගියොත් මේ රටේ කිසිම වෙනසක් තුලින් බලාපොරොත්තුවන දියුනුවක්නම් නෑහැ

:       0       6

maalaka Tuesday, 28 October 2025 10:11 AM

සාමාන්‍ය දරුවන්ගේ දියුණු ව අහුරා, මේ වගේ දුෂ්ටයන් දුටු තැන පන්නා දමමු. ලජ්ජා නැතුව ගුරුවරු කියා ගන්න අමු තිරසනුන්

:       0       11

සෙනෙවිරත්න Tuesday, 28 October 2025 10:19 AM

ටියුෂන් වලට පාර කැපුනට කමක් නැද්ද ඒකට අමුතුවෙන් වෙන්න දෙයකුත් නැහැ, දැනටමත් වෙන නිසා, දෙමාපියන්ගෙන් ජීවන බර 50%කින් අඩුකරගන්න පුළුවන් ටියුෂන් නැති කලක,ඒකට සටන් කරපල්ලකො, පැය බාගයක් දික් කළහම ටියුෂන් වලට වෙලාව මදිවෙනවද ස්ටාලින්? මිනිස්සු බය නොකර මාධ්‍ය හමු නොතිය සාකච්ඡා කරල ඕව එළියට දාන්න. නාකිවෙලා දත් හැලුනත් වෙනස් වෙන්නවත් වෙනස් කරන්නවත් අකමැති මුන්ගෙ බොරු ගෙරවිලි වලට බයවෙන්න එපා, සී ඊ බී සටනට වෙච්ච දේ මතකනේ. ජනතාව ඕවට කැමති නැහැ, ජනතාව දන්නව රජය අනුර කුමාර ජනතාවට නරකක් නොකරන බව.

:       0       10

පාඨකයෙක් Tuesday, 28 October 2025 11:11 AM

1980 වසරේදී සියලු පාසල් සිසුන් වෙනුවෙන් නොමිලේ පෙළ පොත් ලබා දීම ඇරඹුවේ වසරක් පාසා අලුතින් පොත් මුද්‍රණය කිරීමට නොවේ. එක් පාසල් වසරකට ලැබෙන පොත්, ඊළග ශ්‍රේණියට යන විට ආපසු භාර දෙන ක්‍රමයක් අනුගමනය කෙරිණි. සාමාන්‍ය පෙළ සිසුන්ට 9 ශ්‍රේණියේ පෙළ පොත් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තුරු භාවිත කිරීමට අවසර දෙනු ලැබිණි. එසේ කිරීමට හැකි වූයේ, අලුතෙන් අධ්‍යාපන ඇමතිවරුන් පත් වන වාරයක් පාසා "අධ්‍යාපන ප්‍රතිසංස්කරණ" නාමයෙන් අලුතෙන් පෙළ පොත් මුද්‍රණය නොකෙරුණු බැවිනි. එමෙන්ම එකල පෙළ පොත් මුද්‍රණය පුද්ගලික අංශයට පවරා නොතිබිණි. වාර්ෂිකව පෙළ පොත් මුද්‍රණය කිරීම අනවශ්‍ය මහා පරිමාණ වියදමක් වන අතර, ඊට විසඳුම සරලය. එනම්, නොමිලේ ලැබෙන පොත් තවත් සිසුවකුට භාවිත කළ හැකි ලෙස පරෙස්සමෙන් භාවිත කිරීමට සිසුන් පුහුණු කිරීම සහ අත්තනෝමතික ලෙස විෂය මාලාව වෙනස් නොකිරීමයි.

:       0       0

Sugathadasa Tuesday, 28 October 2025 12:00 PM

ටියුෂන් මාෆියාව මාසිකව මිලියන ගණනක් උපයන නිසා, පවතින ක්‍රමයේ කිසිදු වෙනසක් කිරීමට කැමති නැත. එබැවින් ඔවුන් ප.ව. 2.00 වන තෙක් වැඩ කිරීමට හෝ විෂය නිර්දේශයේ වෙනස්කම් කිරීමට කැමති නැත.

:       0       5

Rata Perata Tuesday, 28 October 2025 12:46 PM

කොහෙද යන කාලකන්නියෙක්. මේ ප්‍රතිසංස්කරණ ගේන්න මොනතරම් අදහස් විමසුවද? එහෙම අදහස් විමසලා බහුතරය සුදුසුයි කියන එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය . මේ වගේ කාලකන්නියෙක් , දෙන්නෙක් කොහොමත් ඉන්නවා. NPP රජය කරගෙන එන වැඩපිළිවෙළ කරගෙන යන්න. මේ වගේ කාලකන්නි වෙනුවෙන් නෙමෙයි , අපේ රටේ ඊළඟ පරම්පරාව වෙනුවෙන්.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1571 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site