IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සිනමාවේ නොවිසඳුන ගැටලු වලට ජනපතිගෙන් විසැඳුම්

(අංජුල මහික වීරරත්න)

දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක් වෙමිනි.

කර්මාන්තයක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම ගැටලු සියල්ලටම ජනාධිපතිවරයා  සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

විශේෂයෙන් අගය එකතු කළ බද්ද (VAT) ගෙවීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සහ කර්මාන්තය පුළුල් කිරීමේදී පවතින සීමාවන් පිළිබඳ සිනමා පට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කළේය. 

සිනමාව  කර්මාන්තයක් ලෙස 2025 වසරේදී ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා හිමි කර ගෙන ඇතැයි ද එම තත්ත්වය  අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයේ සහාය ලබා දෙන ලෙසත් ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියහ.

සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් නියෝජනය කරමින් ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක, ජානකී විජේරත්න (Lyca Productions), ප්‍රසන්න විතානගේ (JP Ceneplex-Kandy), තුෂාන් රනගන මීමනගේ (LFD), රුවිඳු ගුණරත්න (EAP), අනුර ජසෙන්තුලියන (Lite Cinema), ඉම්තියාස් කාදර් (CEL), ගංගා රතුවිතාන (Ceylon Theaters)  සහ අනුෂ්ක එගොඩවත්ත (PVR) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. 

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සහ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර යන මහත්වරු රජය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් වූහ. 



අදහස් (0)

සිනමාවේ නොවිසඳුන ගැටලු වලට ජනපතිගෙන් විසැඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 131 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site