
උතුරු බෙංගාල සත්වෝද්‍යානයේ සිංහයකුට සහ සිංහ ධේනුවකට යෙදූ නම් සංශෝධනය කරන ලෙස, කොල්කටා මහාධිකරණය, බෙන්ගාල ප්‍රාන්ත රජයට නියෝගයක් නිකුත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
සිංහ ධේනුවගේ නම සීතා වන අතර, සිංහයාගේ නම අක්බාර්ය. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත්තේ හින්දු ජාතිකවාදී කණ්ඩායම්ය. එය ආගමික හැඟීම්වලට හානි කරන බවට කළ පැමිණිල්ලක් සලකා බලමින් අධිකරණය තීන්දුව ලබා දී තිබේ.
මින් ඉදිරියට, හින්දු දෙවිවරුන්, ආගමික චරිත, නොබෙල් ත්‍යාගලාභීන් සහ නිදහස් සටන්කාමීන්ගේ නම්වලින් සතුන් නම් කිරීම නොකළ යුතු බව ද අධිකරණය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd