(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගලේවෙල පොලිසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකු ටඅතින් පයින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන කසිප්පු ජාවාරම් කරුවන්බ ව කියන දෙදෙනකුගෙන්එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
කසිප්පු ජාවාරම් කරුවන්ගේ පහර කෑමට ලක් වී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
පොලිස් සැරයන් වරයාට පහරදී තුවාල සිදුකර පලා ගිය අනිත් කසිප්පු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම පොලිස් සැරයන්වරයා රාජකාරි නිම කර සිවිල් ඇඳුමෙන් සැරසීඔහුගේ පෞද්ගලික යතුරුපැදියේ නැගී නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ රත්මල්වල නිලගමප්‍රදේශයේ දී මෙම කසිප්පු ජාවාරම් කරුවන් දෙදෙනා විසින් එම යතුරු පැදිය බලහත්කාරයෙන් නතර කරගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මීට පෙර අවස්ථාවක මෙම පොලිස් සැරයන්වරයා කසිප්පු තොගයක් සමග මොවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ බලාගෙන ඉන්නේ ?ඔය කිට්ටුව කොර වාට්ටු එහෙම නැද්ද ?