(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ( Green Channel ) ඔස්සේ පිටකරගෙන යමින් තිබූ විදේශීය නිෂ්පාදිත සැරබීම බෝතල සහ දුම්වැටි තොගයක් සමග, ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වන අතර තීරුබදු නොගෙවා මේවා රැගෙනවිත් තිබේ .
මොවුන් අතරින් එක් ව්‍යාපාරිකයෙකු 30 හැවිරිදි වියේ පසුවන කොළඹ - 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙක් ව්‍යාපාරිකයා කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර තෙවැනි ව්‍යාපාරිකයා 52 වියේ පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඊයේ (09) රාත්‍රී 09.00 තෙක් ගුවන් තොටුපොළ තුළ රැදී සිට , ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා පැමිණ තිබුණි .
එහිදී ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන කටයුතු නිම කර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා ගමන් කරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔවුන් සිය ගමන් මලු තුළ ලීටරයේ සැරබීම බෝතල් 124 ක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 09 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු ම
ජනතාව මුලා කරමින් ’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ වාණි
පොලිස් මාධ්‍ය කෝට්ඨාසයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්. මිනුර සෙනරත් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත්කරනු
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර අධිකරණ රාජකාරිවල නිරතවිය යුතු බව බන්ධනාගාාර මාධ්‍ය ප්‍රක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරී
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සැරබීම හරිත මාවතෙන් පන්නද්දී මාට්ටු