(විමුක්ති එස් රුද්‍රිගු)
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
මෙම හාෆ් - මැරතන් තරඟයට මානව රූපී රොබෝවරුන් 21 දෙනකු සහභාගී වූ අතර මිනිස් තරඟකරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
මානව රූපී රොබෝවරුන් සමග එම රොබෝවරුන් නිෂ්පාදනය කළ කණ්ඩායමද හාෆ් - මැරතන් තරඟයට සහභාගී වී තිබිණ.
සෙන්ටි මීටර 120 සිට 180 දක්වා උසින් යුත් මානව රූපී රොබෝවරුන් චීනයේ විශ්ව විද්‍යාල සහ සමාගම් නියෝජනය කරමින් මෙම තරඟයට ඉදිරිපත් වී සිටියේය.
ධාවන පථය මැරතන් තරගයක දුරින් බාගයක් කිලෝ මීටර් 21 කින් යුක්ත වීම හේතුවෙන් මෙය හාෆ් - මැරතන් තරඟයක් ලෙස හඳුන්වා තිබුණේය.
මෙම තරඟයට සහභාගී වූ ඇතැම් රොබෝවරුන්ට ඇස් ගැසීමට මෙන්ම සිනාසීමටද හැකියාව තිබුණේය.
ඇතැම් රොබෝ තරඟකරුවන් දිවීම සඳහා භාවිත කරන සපත්තුද පැළඳ තරඟ කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි