
(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) ලැබුණු ණය මුදලින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන සැළසීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඉදිරියේදී ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මඟපෙන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්.අබේසුන්දර මහත්මිය අද (24) පැවසුවාය.
සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් රැකගැනීමට මහ බැංකු අධිපතිවරයා කටයුතු නොකළ හොත් අප්‍රේල් මාසයේ සමස්ත ආර්ථිකයම කඩා වැටෙන බව කී ඇය එම ව්‍යාපාර රැකගැනීමට නම් ආනයන සීමා ලිහිල් නොකළ යුතු බව ද සඳහන් කළාය.
අර්ථිකය බලහත්කාරයෙන් සංකෝචනය කිරීම නිසා උද්ධමනය ඉහළ යෑමෙන් වර්තමාන කඩා වැටුණු ආර්ථික තත්වයට පත්ව ඇති බවත් මෙම තත්වය අඛණ්ඩව පැවතුණ හොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වසා දැමීමට සිදුවන බවත් අබේසුන්දර මහත්මිය කීවාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330 ඉතාමත් සුළු මුදලක් කී අබේසුන්දර මහත්මිය ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසි කඩකළ හොත් සම්පූර්ණ ණය මුදල වන ඩොලර් බිලියන 2.9 ක ප්‍රමාණයේ ඉතිරිය නොලැබීමේ අවදානමක් ඇති බව ද කීවාය.
අයි.එම්.එෆ්. ණය මුදල සම්මත වීමත් සමඟ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1.9 ක් සහ ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආණ්ඩුව බලාපොරොත්තු වන බව කී ඇය සඳහන් කළේ ඩොලර් බිලියන 52 ක් පමණ ණය වී ඇති ශ්‍රී ලංකාව ඉදිරියේදී ඩොලර් බිලියන 7 ක පමණ ණය බලාපොරොත්තු වන බවත්ය.
ආණ්ඩුව ණය ගෙවීමට ණය ගන්නා විට රතිඤ්ඤා පත්තුකර කිරිබත් කෑමට ඇතමුන් කටයුතු කිරීම පිළිබඳව පුදුම දුකක් ඇති බව වන බව කී අබේසුන්දර මහත්මිය රට වර්තමාන බංකොළොත් තත්වයට පත්කළේ ද අද ණය ගන්නා පිරිස බව ද වැඩි දුරටත් සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ඕනෑ
de silva Friday, 24 March 2023 01:56 PM
මම ඔබතුමිය සමග 100% එකඟ වෙනව, IMF එකෙන් හෝ ලෝ බැංකුවෙන් නය අරන් මෙ ආර්තික අගාධයෙන් ගොඩ ඒන්න බැහැ , මෙක ගොඩ ගන්න පුලුවන් වෙන්නෙ පුරවසි අපි , රටෙ නාස්තිය දූශනය පිටු දකිමින් මහන්සිවෙලා වැඩ කලොත් පමනි, අපෙ කර්මන්ත වලට අවශ්ය පිටරටින් ගෙන්වන අමුද්‍රරව්‍ය මෙ ආනයන සිමා නිසා අවහිරවිමෙන් කර්මන්ත කඩා වැටිල , රට විශාල රැකියා ප්‍රශ්න වලට මුහුන දීල ,