
(යොහාන් භාසුර)
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (23) පැවසීය.
එම ව්‍යාපෘතියේ විදුලි මිලදීගැනීම සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය සහ අදානි සමාගම අතර ගිවිසුමේ මූලික තොරතුරු දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්න ද එම තොරතුරු නොලැබුණු බවත් එම තොරතුරු නොමැතිව එම ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යනය කළ නොහැකි බවත් එම නිලධාරියා කීය.
එම තොරතුරු නොමැති විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති පරිදි විදුලිබල පනත යටතේ මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාරවලට අනුමැතිය දිය නොහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
531
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළං විදුලි බලාගාර දෙකකට කොමිසමේ අනුමැතිය නෑ
ජයනාත් Sunday, 23 June 2024 06:58 PM
එක්කෝ මුදල් හුවමාරුවක්... නැත්නම් නිලධාරීන් ගෙදර යාමක්... වැඩ එහෙමයි...
sachithSunday, 23 June 2024 07:22 PM
මේ යන විදියට මහජන උපයෝගීතා කොමිසම ගෙදර යන්නයි .. දක්කන්නේ රනිල් 88/89 වගේ පාර්ලිමේන්තුවේදී උපරිමාධිකරණයට අපහස කරපු හැටි...
රංබොඩ Sunday, 23 June 2024 07:50 PM
මොන මගඩියක්ද දන්නෙ නෑ කවුරු නමුත් හොඳින් හොයා බලන එක හොඳයි
Prabha Sunday, 23 June 2024 08:21 PM
ගිවිසුම එළි කළොත් කලිසම ගැලවෙන නිසා හංඟනවා වගේ
Lalla Sunday, 23 June 2024 09:12 PM
ඔය ඔක්කොම අත්හිටුවන කොමිසම රටට ඕනද? ලංවිම අනාගත සැලසුම් නතරකිරුම කියන්නේ විදුලි සැපයුම සීමාවීම.
Darshana Sunday, 23 June 2024 11:36 PM
කොමිසමේ කට් එක තාම එකවුන්ට් එකට ඇවිත් නෑ. ඒකයි මේ...!
පිනා Monday, 24 June 2024 06:34 AM
පිනා මැදිහත් වෙලා ඕක නිදහස් කරලා දෙයි , මොකද එයා ඉන්දියවේ ආර්ථිකය ගොඩ දාන්න නේ ඇප කැප වෙලා ඉන්නේ