IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැළලිහිණිය දැන් නැත ඒ කොන්තගංතොට

 එදා සැළලිහිණි සංදේශයෙන්  තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැළලිහිණියාට පෙන්වු  මඟ සළකුණක් වු කොන්තගංතොට   තව නොබෝ දිනකින්  වත්මන්  පරපුරට දැක බලා ගත නොහැකි වෙතියි ශ්‍රී ජයවර්ධනපුර ඉතිහාසය ගැන  දන්නෝ පවසති.

 සැළලිහිණි සංදේශයේ  කොන්තගම්තොට වර්ණනාව මෙසේය

 

 පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් ව       ටින්

 පරව තඹර පෙති ගිලි දිය  තලා  පි        ටින්

 තරව සිහි ඇතිව පරතෙරට යන අ        ටින්

 කරව පියාසර සකි කොන්තගං තො     ටින්

 

 සැළලිහිණිය ලියැවුණු   යුගයේ වත්මන් පාර්ලිමේන්තුව පවතින භූමිය  වගුරු බිමකි.ඒ  ඔසුසේ දියවන්නා  ඔය ගලා බැස ඇත. පාර්ලිමේන්තු පෙදෙසටත් බත්තරමුල්ල දෙසටත් ගමන් ගන්නා මාර්ගය ඔස්සේ  ඉදිකර තිබෙන පාලම පිහිටි ස්ථානයේ  අතීත ඔරු පාරු ගමන් කර ඇත. ඒ ඔරු පාරු ඇරැඹු  තොටුපොළ  කොන්තගංතොටයි.එය සංස්කෘතික  උරුමයක් විය යුතු වුවත්  මේ වන වාට එම පෞද්ගලික  ගොඩනැගිල්ලක් ඉදිවෙම්න් පවතී.

 කෝට්ටේ යුගයේ ඓතිහාසික ස්ථානයක් වන  කොන්තගංතොට රැක දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධරයින්ගෙන් ඉල්ලති.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  සෙනරත් දිසානායක මහතා මෙසේ කියයි.

 ‘‘පුරාවිද්‍යා පනත අනුව යම් කිසි ස්ථානයක් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කළ හැක්කේ එම ස්ථානය පිළිබදව පවතින මානව හා හෞතිකමය සාක්කි මත පමණයි.නමුත් මෙම ස්ථානය පිළිබව හෞතික සාක්කි කිසිවක් නැහැ.ඒ නිසා  ඊට මැදිහත්වීමේ  ගැටලුවක් අපට පවතිනවා.‘‘

 

 



අදහස් (0)

සැළලිහිණිය දැන් නැත ඒ කොන්තගංතොට

ෂෆීක් Tuesday, 04 June 2013 12:50 PM

කව්රු කොහොම කිවත් කෝට්ටේ යුගයේ ඓතිහාසික ස්ථාන විනාශ වෙමින් පවතිනවා. එය තමා සත්‍යය. කොළඹ තත්වය මෙසේනම් සිතා බලන්න ඈත එපිට පිට පළාත් කෙසේද කියා. ලංකා ඉතිහාසයේ කෝට්ටේ යුගය ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. මේවා සංරක්ෂණය කිරීම අප සතු යුතුකමකි. (නි)

:       0       0

සුමනා Tuesday, 04 June 2013 01:14 PM

අනේ චතුල වගේ මෝඩයෙක්. (නි)

:       0       0

සෑම් Tuesday, 04 June 2013 07:52 PM

චතුල වෙරෝනා නමින් පෙනී සිටින පුද්ගලයන් වැනි ආර්ත්මාර්තකාමීන් නිසා තමයි අද ලංකාවේ සමාජය ඉතාම දරුණු ලෙස පිරිහී තියෙන්නේ.... ඔයවගේ මිනිස්සු තමාගේ මවත් පැරණි රස්සාවට තල්ලු කරාවි ආර්ථික වාසියක් ලැබෙනවානම්.(නදී)

:       0       0

වාග් Tuesday, 04 June 2013 01:45 PM

අනේ කවුරු හරි මේ ගැන ලියපු එක හොදයි. මමක් දන්න කාලෙක ඉදන් මේක ගැන කියනවා. එත් කිසිම වෙනසක් වෙනන්නෙ නැහැ... දන්න කියන ලොකු මහත්තැන් කෙනෙක් වත් මෙකට පිළියමක් කළෙතේ හොදයි. නැත්නම් කොන්තගංතොට රෙස්ටුරන්ට් එක විතරක් තියෙයි. මොකද මේක කිව්වෙ... එක දවස්ක් මගේ යාලූවෙක් එකක් මේ ගැන කතා කරද්දි මිනිහා අහනවා කොන්තගංතොට බාර් එක නේද බං කියලා. දැන් දියන්නාවත් පංකාදුවට හදල තියෙන එකේ මේවගේ පැරණි ස්ථාන ටිකත් ලස්සනට හැදුවනම් හැමෝම කැමති වෙයි ඒවා දැක ගන්නට.(නදී)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 01:59 PM

පුර විද්‍යා පෙදෙස් අයිති රජයට එනිසා කඩා ඉවත් කරාට කමක් නැහැ.(නදී)

:       0       0

ජ.හේරත් Tuesday, 04 June 2013 02:14 PM

ඔව් අනේ මොන පුරා විද්‍යාවක්ද අපට? (නි)

:       0       0

ඉන්දික Tuesday, 04 June 2013 02:16 PM

අහෝ සැලය

:       0       0

සමන්ති Tuesday, 04 June 2013 02:35 PM

චතුල ඔයාගේ අදහසට නම් මම විරුද්ධයි. ජාතියේ ජීවය තමයි අපේ පුරා විද්‍යාව කියන්නේ. (නි)

:       0       0

ලයනල් Tuesday, 04 June 2013 02:59 PM

ඕක චීනට හරි ඉන්දියන්කාරයෙකුට හරි 99 අවුරුදු පදනමට බද්දට දෙමුකෝ. (නි)

:       0       0

මනෝජ් -සාජා Tuesday, 04 June 2013 11:16 PM

චතූල, අපේ සැම් අයියගෙන් හම්බ උනා නේද බඩ පිරෙන්නට ?.මෝඩ චුන් මටම චුන් කිවුවලු.(නදී)

:       0       0

ඉෂාර Tuesday, 04 June 2013 04:37 PM

සැළලිහිණි සංදේශට සාහිත්‍යම වටිනාකමක් තියෙන බව මම තරයේ පිළිගන්නවා. හැබැයි සැළලිහිණි සංදේශයේ තිබ්බ පලියට මෙතන පුරාවිද්‍යා වටිනාකමක් කොහෙන්ද? (නි)

:       0       0

සම්පත් Tuesday, 04 June 2013 05:03 PM

කාලයක් නොරටුන්ට කබුරනකොට තමන්ගේ රටේ පුරා විද්‍යාව එපා වෙනවා තමා.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 June 2013 05:17 PM

ලෝකේ ඕනෑම රටක පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තැන ආරක්ෂා කරනවා. චතුල වෙරෝනා ඔය ඉන්න රටේ ඒවා රැකගෙන තියෙන හැටි බලන්න. ඉතාලි, ෆ්රන්සය, එංගලන්තය, වගේ ඕනෑම රටක් බලන්න. ජම්මයක් ජාතියක් නැති විදියට කතා කරන්න එපා. (නි)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 04 June 2013 05:21 PM

ජනගහනය වැඩි වන විට විටින් විට.. සැළලිහිණිය බල අද කොන්තගම්තොට..!! (නි)

:       0       0

චන්ද්‍රා -ඇමරිකාව Tuesday, 04 June 2013 05:29 PM

ජෙනරාල් තුමා ඔය සාක්කි තියෙනා හැම තැනම ආරක්ෂා කරලා වාගෙනේ කතාව.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 12:29 PM

පුරා විද්‍යාව ඕනෑ නැහැ. පාරවල් පාලම් හදලා රට හදමු (නි)

:       0       0

චතුර Tuesday, 04 June 2013 12:42 PM

අනිවාර්යෙන්ම, රට පෙරට යද්දී පස්ස හැරෙන්න ඕනෑ නැහැ. ඔහොම යං..ඔහොම යං.. (නි)

:       0       0

නීල් Tuesday, 04 June 2013 12:39 PM

වහාම පුරාවිද්‍යා පනත සංශෝධනය කලයුතුයි "මානව හා භෞතික" යන්න "මානව හෝ භෞතික හෝ" ලෙස. එවිට මානව සාක්ෂි මත පමණක් පිහිටා කොත්තගන්තොට පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස ගැසට් කලහැකියි. ඇමතිතුමාගේ අවධානයට මෙය යොමුවිය යුතුයි. (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 04 June 2013 12:44 PM

ඉතිහාසය, සාහිත්‍ය පුරාවිද්‍යාව ඕනෙම නැහැ. ගුවන් පාලම්, ගුවන්තොටුපොළවල් සහ හෝටල් ඉදි කළාම ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site