IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිංහල නොදන්නා සුද්දෝ අමාරුවේ

මහනුවර අනිවත්ත  බිංගෙය අසළ පිවිසුමට  විශාල ගල් පෙරළීමෙන්  ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි පොලිසිය කියයි.

දොඩම්වල, අනිවත්ත, බහිරවකන්ද දෙවැනි රාජ සිංහ මාවත යන ගම්මාන වලට පිවිසිය හැකි  මෙම බිංගෙය තුළින් ගමන් කිරීමට නොහැකි වීමෙන් රථ වාහනවලට  කිලෝමිටර් දෙකක් පමණ දුරක් ගෙවා වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුව ඇතැයි කියති.

මහනුවර නගර සභාව මකන්දේ  ඇති අවදානම් ගල් ඉවත් කරමින් සිටී.   මෙම ස්ථානයේ ඇති අවදානම් ස්වභාවය සඳහන් කරමින් සිංහල භාෂාවෙන් පමණක් ඒ අසල දැන්වීමක් සවි කර ඇති අතර ඒ පිළිබඳ නොදැනුවත්කමින් විදේශීය සංචාරකයින් පැමිණ ඒ අවට රැඳී සිටීම අවදානම් සහගත බව ප්‍රදේශවාසීහු කියති.

Kandy_201617_-___ Kandy_201617_-___2 Kandy_201617_-___3 vlcsnap-2016-01-07-00h18m24s133

 

 



අදහස් (0)

සිංහල නොදන්නා සුද්දෝ අමාරුවේ

කුමාර් (ගල්ෆ්) Thursday, 07 January 2016 10:56 AM

මෙහෙම කොහොමද ටුවරිසම් දියුණු කරන්නේ, අප්‍රිකාවේ තද වනයකට ගියත් මිනිස්සු ඉංගිරිසි කතා කරනවා බෝඩ් ලෑලි ජාත්ත්‍යන්තර බසා වලිනුත් තියෙනවා, අපේ රටේ උසස් රජයේ නිලධාරීන්ට පවා ඉංගිරිසි කතාකරන්න බෑ. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 07 January 2016 11:39 AM

ඒකනම් සහතික ඇත්ත කුමාර්, (ර)

:       0       0

රන්ජිත් Thursday, 07 January 2016 04:01 PM

ප්‍රසිද්ධ දැන්වීම් භාෂා තුනෙන්ම තිබීම අනිවාර්ය වියයුතුයි. (නි)

:       0       0

උද්ධික Thursday, 07 January 2016 12:00 PM

ඕක කඩන වැටෙනවා කියලා ඇස් පනාපිට තියෙන එකේ මොන බෝඩ් ලැලිද. ජපානේනම් ඉංග්‍රීසි භාවිතයක් ඇත්තෙම නැහැ. (ර)

:       0       0

බන්දුල Thursday, 07 January 2016 01:08 PM

කුමාර් ,මෙතැන යන අය බොහෝ දෙනා සිංහල දන්නවා විදේශිකයන් යන්නේ කලාතුරකින් යන්නේ බොහෝවිට ගයිඩලා සමග . (ර)

:       0       0

මුදලිගේ Thursday, 07 January 2016 06:04 PM

කුමාරගේ කතාවට මමත් එකඟයි. රටට විදෙස් සංචාරකයෝ එනවා නම්, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සංචාරකයින් ගෙන්වා ගැනීමට දැඩි වෙහෙසක් දරන බව පැහැදිලිව පෙනෙනවා නම්, සංචාරකයන්ගෙන් අපේ රටට හොඳ ආදායමක් ලැබෙනවා නම් ඇයි රටේ අනිත් අමාත්‍යංශ උදව් කරන්නේ නැත්තේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 08 January 2016 04:21 AM

අනතුරක් ඇති බව පින්තුරයක් ඇඳලා දැම්මනම් භාෂාව ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙකුට තේරෙනවා. (ර)

:       0       0

සුලෝචන Thursday, 07 January 2016 01:51 PM

කුමාර් කියන දේ හරි. ලංකාවේ බොහෝ රජයේ නිලධාරීන්ට ඉංග්‍රීසි කතාකරන්න බැහැ. (නි)

:       0       0

ඉලේපෙරුම Thursday, 07 January 2016 02:11 PM

සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඉංග්‍රීසි අවශ්‍යම නැහැ. ජර්මනිය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය වගේ රටවල ඉංග්‍රීසියෙන් කිසිම නාම පුවරුවක් දැන්වීමක් නැහැ. ඉංග්‍රීසි දන්න අයත් ඉන්නේ ඉතාම කලාතුරකින්. ඒත් සංචාරකයන් මේ රටවල පිරී ඉතිරීයන්න ඉන්නවා. ඒකට හේතුව ඒ රටවල සමාජයන්හි තිබෙන විධිමත්භාවය නීතගරුකභාවය හා සංචාරකයන් ගසාකෑමක් නැතිකම (නි)

:       0       0

මංජු ශ්‍රී Thursday, 07 January 2016 09:37 PM

උද්ධික, ජපානේ ඉංග්‍රීසි, බ්‍රසිල්, පේරු භාෂාව අවශ්‍ය තැන්වලට ඔවුන් භාවිතා කරනවා. අවුරුදු තුනහමරකට කලින් කරපු සමීක්ෂණයකදී මම ඉන්න ගෙදරට සිංහල පරිවර්තනයක් සමඟ අයදුම්පතක් එවා තිබුනා. කොහොම වුණත් රටේ පවතින භාෂා තුනෙන්ම දැනුම්දීම යුතුකමක් හා වගකීමක් (නි)

:       0       0

සත්‍යපාල Thursday, 07 January 2016 02:17 PM

ලංකාවට එන්නේ ඉංග්‍රීසි කතාකරන සුද්දෝ විතරක් නොවෙයි. ජපන්, චීන, ඉන්දියන්, ජර්මන්, ප්‍රංශ... එකී නොකී සංචාරකයෝ එනවා. ඔය හැම භාෂාවකින්ම ලියලා තියන්න බැහැනේ. (නි)

:       0       0

රාධා Thursday, 07 January 2016 02:23 PM

දෙනෙත හොඳට පෙනේ නම්, බුද්ධිය තිබේ නම් මෙවැනි ස්ථාන ගැන දැනසිටීමට භාෂාව අත්‍යාවශ්‍යද? (නි)

:       0       0

නිහාල් Thursday, 07 January 2016 02:25 PM

මේක දකින ඕනෑ කෙනෙකුට පෙනෙනවා ගල් වැටෙන බව. (නි)

:       0       0

කපිල Thursday, 07 January 2016 03:06 PM

අපි සමහරු ඉංග්‍රීසියට තිබෙන්නේ පුදුම ගැතිකමක්. ඉතාලියේ ඉංග්‍රීසි පුවරුවක් දකින්න හරිම අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site