IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිංහරාජෙ අලි යුවලගෙන් එකෙක් අතුරුදන්

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්‍යාලයේ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේය .

ඒ මහතා එලෙස ප්‍රකාශ කලේ  කලවාන සම්බන්ධිකරන රැස්වීම අමතා කතා කරමිනි.  එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සිංහරාජ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේ " පසුගිය වසරක පමණ කාලයක් තුළ අපට නිරීක්ෂණය වන්නේ සිංහරාජ වනාන්තරයේ වෙසෙන සද්දන්ත ඇත් පරපුරේ එක හස්තියෙක් පමණයි . කරපටි පැළදි වන අලියා පමණක් දක්නනට ලැබෙනවා. අනෙක් අලියා අපට හෝ ප්‍රදේශවාසින්ට දිගු කාලයක සිට දක්නනට ලැබිලා නැහැ . සිංහරාජය වනාන්තරය තුළ ජීවත්ව සිටි අලි දෙදෙනා මෙම අලි දෙදෙනායි . මේ වන විට අපට දක්නනට ලැබෙන කරපටි පැළදි අලියා මද කිපුණු ස්වභාවයක් පෙන්නුම් කරන අතර සිංහරාජ ආශ්‍රිත ග්‍රාම සීමාවල  දක්නට ලැබෙනවා .සිංහරාජ වන අලි මේ ප්‍රදේශයේ සිට ගාල්ලේ දෙනියාය, නෙළුව ප්‍රදේශය දක්වා සැරිසරනවා. කලකට පෙර සිංහරාජ ලදු කැලෑ හා පරිවාර වන ලැහැබ වල  හස්තියෙන් තිදෙනෙකු දක්නට ලැබුණත් දැනට දර්ශනය වන්නේ එක් හස්තියෙක් පමණයි . දැනට අතුරුදහන්ව පවතින අලියා පිළිබඳව . කෝපි කෑල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සෝදිසියෙන් සිටිනවා. යැයි විජේතුංග මහතා ප්‍රකාශ කළේය .

කලවාන සම්බන්ධිකරනය කමිටු රැස්වීම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහා කලවාන ප්‍රාදේශීය ලේකම්  ආර්.එච්.බී චමිල කුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .



අදහස් (5)

සිංහරාජෙ අලි යුවලගෙන් එකෙක් අතුරුදන්

ගමේ එකාලා Tuesday, 19 March 2024 01:56 PM

නන්නත්තාර වෙලා සමහරවිට දේශපාලුවෙකුගේ ගෙදරට යන්න ඇති...

:       0       0

පිටරටවැසියා Tuesday, 19 March 2024 02:51 PM

මුළු වනාන්තරයට ම හිටියේ 3න් දෙනා නම් (මොවුන් හිටියෙ සිංහරාජ වනාන්තරයේ පමණකි), කරපටි 3 ක් වත් දාලා පරිස්සම් කරගන්න බැරි වනජීවීයක්, නිලධාරීන් සහ ඇමති තනතුරක් රටට මොකටද. දැන් ඇමතිනිය වනයට අරිනවද කරපටි පැළදි මද කිපුණු අලියාගෙන් අලි පරපුර බෝ කරන්නද , උත්සව, සන්දර්ශන සහ ජනරජ පෙරහැරවල්, ලෝකෙට නැව් අරින්න, ගාසා වලට ඩොලර් ආධාර දෙන්නනම් ඇති පදම් මුදල් තියෙනවා.

:       2       20

Lankaagamage Tuesday, 19 March 2024 04:05 PM

බලන්නකෝ මුලින්ම සිංහරාජයේ අලි එලවන්න කටයුතු කළේ කවුද කියලා. ඒ විස්තර ප්‍රදේශීය සභාවේ වාර්තා වෙලා ඇති. එහෙම නැත්නම් ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටුවේ වාර්තා බලන්න. එහෙමත් නැත්නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වාර්තා අනුව කවුද අලි එලවන්න දැගලුවේ කියලා පෙනේවි.

:       0       12

ගමේ එකාලා Tuesday, 19 March 2024 05:30 PM

සමහරවිට මැදමූලනේට ගියාද කියලා කවුද දන්නේ?

:       0       0

ඇලපාත Wednesday, 20 March 2024 06:36 AM

වනජීවි එකට බැරිද ගම්වලට ගොස් විනාශ කිරීම කරන අලි ඇතුන් කීප දෙනෙක් සිංහරාජයට මුදාහරින්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site