මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වන මීටර 400 X 4 (පිරිමි) සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනෙන විශේෂ තේරීම් තරගයක් මේ මස 27 වැනිදා පෙරවරු 9.00ට සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ පුහුණු කමිටුව අද (18 වැනිදා) රැස්වී මෙම තීරණය ගත් අතර ඒ සඳහා සහය දිවීමේ ක‍්‍රීඩකයන් 10 දෙනකු කැඳවා තිබේ.
ඉන්දියාවේ ”පූනේ” නගරයේදී පැවැති 20 වැනිි ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා සහාය දිවීමේ (මීටර් 400 X 4) කණ්ඩායම විනාඩි 3 තත්. 04.92 කට තරගය නිම කරමින් අගෝස්තු 10 වැනිදා රුසියාවේ මොස්කව් තරගයේදී ආරම්භ වන ලෝක මලල ක‍්‍රීඩා තරගාවලියටද සුදුසුකම් ලබා ගත්තේය. දුලාන් පියරත්න, ඩිලාන් ආලෝක, කසුන් සෙනවිරත්න හා අංජන ගුණරත්න පූනේහීදී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්හ.
කෙසේ වෙතත් නැවතත් තේරීම් තරගයක් පැවැත්වීමට ගෙන තිබෙන තීරණයට ඩිලාන් ආලෝක සහ ඔහුගේ පුහුණුකරු සජිත් ජයලාල් මහතා විරෝධය පළ කර සිටිති.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහාය දිවීමේ තවත් තේරීම් තරගයක්
මංජු Friday, 19 July 2013 02:37 PM
ඉතින් අපිට මොකෝ......? (අ)
අනුර Friday, 19 July 2013 02:50 PM
දර්ශ, සුසන්තික. රොහාන් ප්‍රදීප්, සුගත්, කුලවන්සගෙන් පස්සේ මලල ක්‍රීඩාව අන්තිමයි (අ)