ශ්රී ලංකාවේ ප‍්‍රබල පෙළේ සිවිල් සමාජ සහ මානව හිමිකම් ක‍්‍රියාධරයකු මෙන්ම ආර්ථීක විශාරදයකු වන ආචාර්ය ඔස්වල්ඩ් පර්ත් පියතුමා 11 (බදාදා) මෙරටට පැමිණිමට නියමිතය. එතුමා පසුගිය 2004 වසරේ සිට ඉතාලියේ සහ ඕස්ට්‍රේලියාවේ සේවය කළේය. සංහිඳියාව හා යහ පාලනය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ ඇරඹීම එතුමාගේ අදහස බව කතෝලික සභා ආරංචි කියයි.
පියතුමා කතෝලික සභාවේ නිර්මල මරිය නිකායේ සමාජ සංවර්ධනය හා ක‍්‍රමෝපයන් සම්පාදනය මෙන්ම මානුෂීය සේවා ක‍්‍රියාකාරකම් බලගැන්වීම සඳහා ඉතාලියට ගියේ 2004 වසරේ ඔක්තොම්බරයේදීය. එම වසරේදීම දෙසැම්බර් 26 වැනිදා මුහුද ගොඩ ගැලීමේ ව්‍යසනයෙන් විනාශයට පත් පුද්ගලයින්ගේ ඥාතීන්ට සහයදීමට දෙසැම්බර් 28 වැනිදා ශ‍්‍රී ලංකාවට ආවේය. පියතුමාගේ උපදේශකත්වයෙන් හා අධීක්ෂණයෙන් සුනාමි සහන සේවා මධ්‍යස්ථානයක් කොළඹ 10 මරදාන ඞීන්ස් පාරේ සමාජය හා සාමයීක කේන්ද්‍රයේදි ක්‍රියාත්මක විය.
පෙබරවාරි 28 වැනිදා නැවතත් ශ‍්‍රි ලංකාවේන් පිටත්ව ගිය පියතුමා 2009 දක්වාම ඉතාලියේද 2009 සිට මේ දක්වාම ඕස්ට්‍රේලියාවද සිය සේවා කටයුතු සිදු කළේය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංහිඳියාවට උරදෙන්න ඔස්වල්ඩ් පර්ත් පියනම එයි
ජයවර්ධන Monday, 09 February 2015 09:14 PM
ඔස්වල්ඩ් ෆර්ත් පියතුමාගේ පැමිණීම සුබ ආරංචියක්. එතුමා අපේ පුංචි රටේ සාමය හා සාධාරණත්වය වෙනුවෙන් විශාල සේවයක් කළ උතුමෙක්. (නි)
දුමින්ද Tuesday, 10 February 2015 02:37 AM
ඔය වැඩේට එල් එල් සී වාර්තාව හොදටම ප්‍රමාණවත්.(හේ)
අභයරත්න Monday, 09 February 2015 02:27 PM
සංහිදියාවට උර දෙන්න තමයි අපි ඡන්දය දුන්නේ . පිට රටවල ජිවත් වෙන අය මොනවටද ?(දිල්)
ශාන්ති Monday, 09 February 2015 03:45 PM
පියතුමාගේ පැමිණීම ගැන මොනවා කියාවිද (අ)