(විමුක්ති එස් රුද්‍රිගු)
මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලාංකිකයන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීම සඳහා මහ බැංකුව ලබා දුන් සමා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදල් ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට පැමිණි බවත් වර්තමානයේ රුපියල ශක්තිමත් වීමට පටන් ගැනීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් හදිසියේ දේශීය වෙළඳපොළට පැමිණ ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.
ජාතික නීති සමුළුව 2023 අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය."අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය" යන තේමාව යටතේ සමුළුව පැවැත්විණ.
ඇමෙරිකානු ඩොලරය රුපියල් 400 පසු කරාවි යැයි බලාපොරොත්තුවෙන් වෘත්තිකයන් සහ අපනයනකරුවන් ඩොලර් මිලදී ගෙන එම මුදල් නිවෙස්වල සහ විදේශයන්හි සඟවා ගෙන සිටි කාලයක් තිබූ බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.ඔවුන් එම ඇමෙරිකානු ඩොලර් උපයා ගත් ආකාරය පිළිබඳව කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව සමා කාලය තුළ ළඟ තබා ගත් ඩොලර් හුවමාරු කිරීමට අවස්ථාව ලබා දුන්නත් එම පිරිස ලබා දුන් අවස්ථාව ප්‍රයෝජනයට නොගත් බව වීරසිංහ මහතා පැවසුවේය.
ශ්‍රී ලාංකිකයන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් සමා කාලය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ නම් එම පිරිසට ඔවුන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් වෙනුවෙන් ඉහළ අගයක් ලබා ගැනීමට හැකියාව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
රුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලර් සඟවාගෙන සිටි පිරිසට ඔවුන් ගත් වැරදි තීරණය පිළිබඳ වැටහී ඇති බවත් ඒ හේතුවෙන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් දේශීය වෙළඳපොළේ විකිණීම ආරම්භ කිරීම හේතුවෙන් හදිසියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණ ඇති බවත් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
412
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහන කාලයේදී ඩොලර් මිලියන 30 ක් එළියට
sena Monday, 13 March 2023 03:17 PM
දැනුයි තේරුණේ... මිනිස්සු බයට ඩොලර් විකුණලා... ඒකයි මේ රුපියල ශක්තිමත්වෙලා තියෙන්නේ. මේ දහම්ගැටවලින් තව කොච්චර කාලයක් රවට්ටන්නද?
nalin Monday, 13 March 2023 05:12 PM
දැන් නීලකාස හොරුන්ට පුළුවන්... ඒ වෙළඳපළට ආපු මිලියන 500 අඩු රුපියල් ප්‍රමාණයක් දීලා ගන්න... එහෙම අරගෙන මොකක් හරි හොර පාරකින් රට පන්නයි...
බද්රානි Monday, 13 March 2023 07:36 PM
පුදුමේ කියන්නේ ලංකාවේ මිනිස්සු ඩොලරුත් මාරු කරන්නේ ගාන අඩු වුණාම නේද? අඩුගාණට ඩොලර් මාරුකරපු අයට පිස්සුද? ඒක එහෙමයි කියලා විශ්වාස කරන අයට පිස්සුද? එහෙම නැත්නම්, මට පිස්සුද කියලා හිතාගන්න බැරුවයි මම මේ ඉන්නේ.. එක අතකට, රාවණාගෙන් පැවත එන ආර්ථික ඔස්තාර් හෙළ යක්ඛ පුතුන්ගේ වැඩ ඒ වගේ වෙන්නත් බැරිකමක් නැහැ නේද?