IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


සිසුහු ගුරුනට ගහති

පැල්වත්ත මහා විදුහලේ නවක සිසුනට නවක වදය දීමට සැරැසුණු දෙටු සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ගුරුවරු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. නවක සිසුනට වධ හිංසා කිරීම වැළැක්වීමට ඉදිරිපත් වීම නිසා  ගුරුවරුනට පහරදී ඇතැයි පොලිසිය කියයි. සිසුහු හතර දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (0)

සිසුහු ගුරුනට ගහති

ප්‍රේමවර්ධන Tuesday, 19 June 2012 02:21 PM

කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට කරුණාකර ටී.එම්.ප්‍රේමවර්ධන ගේ “ළමයින් හොඳ මිනිසුන් කරන්නේ කෙසේද?“ නමැති පොත කියවන්න.

:       0       0

සමන්ත Monday, 18 June 2012 06:09 PM

හංවඩු ගැසිය යුතුයි

:       0       0

කෙනත් (USA) Tuesday, 19 June 2012 09:58 PM

අපි ඉස්කෝලේ යන කාලේ කොච්චර චන්ඩි උනත් පාසලේ නරකම ගුරුවරයා කනේ පාරක් දුන්නොත් බිම බලාගෙන එතනින් යනවා. එක අප තුල තිබුන ඉවසීම, ගුරු ගෞරවය, සහ දරාගැනීමේ හැකියාව වැනි ඉතා උසස් පුරුෂ ගුණාංග. දැන් කාලේ අයාලේ යන තරුණයන්ට ප්‍රශ්න වැඩියි., තරුණයෝ කියල වෙනමම සතුන් ජාතියකුත් ඔවුන්ට ඇති තරුණ ප්‍රශ්න කියල වෙනමම ප්‍රශ්න ජාතියක් ඇතිවෙලා! දැන් පරපුරේ හිතේ ගැඹුර මදි, ඒ නිසා ආත්ම ශක්තිය මදි, පොඩ්ඩ ඇත්නම් ගෝරි ගෙන මිනී මැරීම් පවා කර ගන්නවා ගුරුවරයෙක් ගැහුවොත් නොවෙයි තදින් අවවාද කලත් එය බුද්ධිමත්ව දරාගන්න හැකියාව නෑ, තේරුම් ගන්න හැකියාව නෑ. මෙන්න මේකට තමයි බුද්ධ දේශනා වල තියෙන්නේ "අනාගතයේ මනුෂ්‍යයාගේ පිරිහීම වේගයෙන් වෙනවා" කියලා , අනාගත පරපුරවල් විද්‍යා, ගණිත දැනුමෙන් හැකියාවෙන් වැඩි වෙනවා, දක්ෂ බව වේගයෙන් වැඩි වෙනවා, අඩු වයසෙන් වහා ඉගෙන ගන්නවා, මේ දකින්නේ මිනිසා කෙටි ජීවිත කාලයකට හැඩ ගැසීමේ පෙර ලකුණුයි. ඉතා අඩු වයසින් ඉගෙනගෙන මුදල් උපයන්ට දැඩි වෙහෙසක් ගන්නවා. මෙලෙස පරපුරෙන් පරපුරට දක්ෂතා වැඩි වෙනවා, වේගවත් වෙනවා නමුත් තමාව තේරුම් ගන්න හැකියාව, ධර්මාවබෝධයට ඇති ඥානය අඩුවෙනවා, ගුණදහම් පිරිහෙනවා, මේ නිසා ආයුෂ අඩුවෙනවා. අන්තිමට අවුරුදු 10 පරමායුෂ වෙනවා. මෙකල කොපමණ දියුණුද කියතොත් අනේකාව මැරිය යුතුයි කියලා හිතපු පමණින් අතේ ආයුධ පහල වෙනවා, එකිනෙකා දෙස මෘග සන්යාවෙන් බලමින් හැසිරෙනවා. මහා යුද්ධ ඇතිවෙලා ආයුධ වර්ෂ ඇතිවෙලා මනුෂ්‍ය වර්ගය විනාශ වෙනවා" කියලා "චක්කවත්ති සිහනාද සුත්තයෙදී දේශනා කර තිබෙනවා. ඉතින් අනාගතය හොද වෙන්නේ නෑ, එන්න එන්නම අදුරු වෙනවා. ධර්මය අතුරුදන් වෙනවා , ඒ නිසා නොපමාව ධර්මයෙහි හැසිරෙන්න ඕන කව්රුත්.

:       0       0

රතු මලයා Tuesday, 19 June 2012 10:38 PM

ඇයි නැත්තේ, දැන් විශ්ව විද්‍යාල වල විතරක් නොවෙයි පාසල් වලටත් JVP ඔල්මාදය බෝ වෙලා ඉවරයි. ඕකේ තියෙන්නේ ජීවිත දේපොළ විනාශ කරන, ආගමට දහමට නිග්‍රහ කරමින් සාරධර්ම විනාසකරන, ඇති එකාට දක්ෂ එකාට වයිර කරන මානසිකත්වයක් විතරයි. එකනේ ප්‍රබුද්ධ සංවාදයට තැනක් නැතුව, විප්ලවය, සටන අරගලය වගේ දේවල් වල පිහිට පතන්නේ. අන්තිමට බලනකොට කාමයන් පිනවගන්න, ලෞකික සැප සම්පත් සදහා කරන තවත් අරගලයක් විතරයි.

:       0       0

සදුන් Monday, 18 June 2012 06:29 PM

ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු ඉදිරි වැඩ තකා

:       0       0

ප්‍රනාන්දු Monday, 18 June 2012 06:29 PM

මානව හිමිකම් වල ප්‍රතිඵල තමයි ඔය.කණගාටුයි

:       0       0

ධනවර්ධන Tuesday, 19 June 2012 08:59 AM

දැඩි දඩුවම් දෙන්න ඕනි. ඒවා අනිත් පාසල් වලට දැනගන්න පුළුවන් විදියට ප්‍රසිද්ධ කරන්න ඕන...

:       0       0

නිපුණ Monday, 18 June 2012 06:01 PM

ලුම්බිණි කිවුව කතාව හරි. රටේ දේශපාලකයො කරන වැඩ දැක්කම ළමයින්ටත් නරක ආදර්ශ එනවා. ඒ මදිවට ඒ දේශපාලකයොන්ට විරැද්ධව විනය ක්‍රියාමාර්ග ආණ්ඩුව හරියට ගන්නෑ.

:       0       0

මහාචාර්ය අජිත් Tuesday, 19 June 2012 10:07 AM

මේ මෝඩ සිසුන් වහා පුනරුත්තාපනය කරනු.

:       0       0

එරංග Wednesday, 20 June 2012 02:05 PM

ළමයින්ගේ තියෙන නැහැදිච්චකම. දැඩි දඩුවම් දෙන්න එයාලට.නැත්තම් ඉදිරි පරපුර හදා ගන්නත් බැරි වෙනවා.....

:       0       0

රත්නේ Tuesday, 19 June 2012 10:31 AM

kk 2012-06-18 15:41:01 "j v p එකේ පරණ පුරුද්ද" කවුද මේ මෝඩයා?

:       0       0

ඇටකිච්චා Tuesday, 19 June 2012 10:32 AM

රෑපවාහිනී නාලිකාවල තවත් මෙවැනි දර්ශණ ඇති හිංදි චිත්‍රපට විකාශණය කළ යුතුයි..

:       0       0

වින් Monday, 18 June 2012 03:32 PM

මෙහෙම ළමයිද අනාගතේ භාර ගන්නේ රටේ? මොකක්ද මේ රටට දැන් වෙලා තියෙන්නේ?

:       0       0

ගිරිගෝරිස් Monday, 18 June 2012 03:38 PM

අනේ මට ඒ කොල්ලෝ ටික ගෙනත් දීපල්ලා.මම ගාව තියෙනවා හොද බේතක් ඕකට

:       0       0

හිත හොද රාළ Tuesday, 19 June 2012 04:43 PM

ඇයි පුතේ උඹලා ඔහොම හැසිරෙන්නේ? උඹලා අද ගුරුවරුන්ට අතපය ඉස්සුවා කියන්නේ හෙට දෙමවුපියන්ට අත පය උස්සාවි

:       0       0

හසාන් Monday, 18 June 2012 02:59 PM

ගුරුවරුන් යනු දෙවියන්ටත් වැඩිය ඉහළ ජාතියකි.දෙන්න දඩුවම ඉහළින්ම

:       0       0

දිසාපාමොක් Monday, 18 June 2012 03:40 PM

දැඩි දඩුවම් දෙන්න.. ..

:       0       0

උප ඇමතිතුමා Monday, 18 June 2012 08:52 PM

ළමයිනේ....මුළු අධ්‍යාපන අමාත්‍යාංශයම උත්තර නැති ප්‍රශ්න පත්තරයක් වෙලා තියෙද්දි ඇයි මේ තවත් ප්‍රශ්න දාගන්නේ...

:       0       0

ජිරිබිරිස් Tuesday, 19 June 2012 05:06 PM

මිස්ටර් ගිරි ගෝරිස්, මොකක්ද ඔය බෙහෙත?

:       0       0

ගාල්ලෙ බෝයි Tuesday, 19 June 2012 05:16 PM

අනේ මෙහෙමත් ‍‍‍ලෝකයක්‍...

:       0       0

අන්කල් Monday, 18 June 2012 03:07 PM

ඇප දීම නොකර අනික් අයටත් පාඩමක් ඉගෙන ගැනීමට දැඩි දඩුවම් දිය යුතුයි

:       0       0

අමිල කටුනායක Monday, 18 June 2012 03:47 PM

උප්පත්ති දොශ.....

:       0       0

චන්දන Monday, 18 June 2012 03:52 PM

හිරේ දාන්න ඕනි මේ අයව

:       0       0

ලක්විදු Wednesday, 20 June 2012 07:06 AM

රතු මලයා 2012-06-19 22:38:50 "ඕකේ තියෙන්නේ ජීවිත දේපොළ විනාශ කරන, ආගමට දහමට නිග්‍රහ කරමින් සාරධර්ම විනාසකරන, ඇති එකාට දක්ෂ එකාට වයිර කරන මානසිකත්වයක් විතරයි. එකනේ ප්‍රබුද්ධ සංවාදයට තැනක් නැතුව,".... එතකොට රතු මලයෝ අනිත් කිසිම ප්‍රශ්ණයක ඔයා කියන ඒවා කොරන්නේ නැතිවෙයි..?? දන්නෙ නැති නිසා මම මේ එහෙම ඇහුවෙ...

:       0       0

තාරක Monday, 18 June 2012 03:53 PM

දැන් ඔය ජරා වැඩ පාසල් වලටත් බෝ වෙලාද . දැඩිදඩුවම් දෙන්න ඕන..

:       0       0

ලක්විදු Wednesday, 20 June 2012 07:48 AM

රතු මලයා 2012-06-19 22:38:50 "ඕකේ තියෙන්නේ ජීවිත දේපොළ විනාශ කරන, ආගමට දහමට නිග්‍රහ කරමින් සාරධර්ම විනාසකරන, ඇති එකාට දක්ෂ එකාට වයිර කරන මානසිකත්වයක් විතරයි. එකනේ ප්‍රබුද්ධ සංවාදයට තැනක් නැතුව,".... එතකොට රතු මලයෝ, අනික් කිසිම පක්ෂයක අය ඔය කියන ඒවා කරන්නේ නැතෙයි?

:       0       0

ඇටතිච්චා Wednesday, 20 June 2012 07:10 AM

ප්‍රේමවර්ධන 2012-06-19 14:21:34 "කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට කරුණාකර ටී.එම්.ප්‍රේමවර්ධන ගේ “ළමයින් හොඳ මිනිසුන් කරන්නේ කෙසේද?“ නමැති පොත කියවන්න." ඔය පොත් හරියන්නෙ නෑ.. හොද ජංගම දුරකථනක් අරං දුන්නනම් හරි...

:       0       0

සජී Monday, 18 June 2012 03:56 PM

තිරිසන් සතුන් වගේ.

:       0       0

තරංග Monday, 18 June 2012 03:57 PM

කියන්න වචන නෑ..

:       0       0

ලුම්බිණි Monday, 18 June 2012 03:19 PM

මේක පුදුම වෙන්න දෙයක් නොවේ. රට පාලනය කරන අයගෙන් තමා ළමයින් ආදර්ශ ගන්නෙත්.

:       0       0

සරත් Monday, 18 June 2012 10:24 PM

බොහෝ පාසල් වල කාල සටහනට අනුව වෙලාවට ගුරැවරැ පංතියට යවන්න වත් විදුහල්පතිට බැහැ. ළමයි අයාලේ කාලය අපතේ. හරියට කාල සටහන දුවනවනම් ළමයින්ට අනවශ්‍ය දේ කරන්න පාසලේ දී වෙලාව නැහැ. පාසලේ සිසුන්ගේ අධයා‍පනික හා විනයෙහි දියුණුව ගැන මූලික අවධානය දැන්වත් විදුහල්පති හා ගුරැවරැ යොමුකළ යුතුයි, භාහිර කටයුතු, පාසල් අලංකරණ, උත්සව හා දේශපාලන කටයුතු වලට වඩා.

:       0       0

හෙළයා Monday, 18 June 2012 04:11 PM

ලංකාවේ බිහිවෙන අනාගත නායකයෝ ටිකක්. පොඩි කාලෙම නායකයන්ගේ ගති ලක්ෂණ පේනවා. හොඳ සලකුණු. පාසල අතහැරලා දැන්ම ඡන්දෙ ඉල්ලුවානම් හොඳයි.

:       0       0

ඉන්දික Monday, 18 June 2012 03:33 PM

උපරිම දඩුවම් දිය යුතුයි

:       0       0

දයා,saudi Monday, 18 June 2012 04:20 PM

මේක දැන් රැල්ලක් වෙලා.මෙහෙම ගිහින් හෝඩියේ පන්තියත් නවක වදය දෙයි ඉස්සරහට

:       0       0

kk Monday, 18 June 2012 03:41 PM

j v p එකේ පරණ පුරුද්ද

:       0       0

විජය Monday, 18 June 2012 10:43 PM

මේ දරුවෝ ටික දෙමාපියන්ගේ වැරදීමකින් හැදුනු ළමයි ටිකක්ද කොහෙද..

:       0       0

නවීන් Tuesday, 19 June 2012 01:56 AM

උපරිම දඩුවම් දෙමු ..එයාගේම සහෝදරයෙකුට නවක වදය දෙනවට එයා කැමති වේවිද ?

:       0       0

ඉන්දික Monday, 18 June 2012 04:59 PM

කැම්පස් වල රැග් කරන එක ජේවීපී එකේ වැඩ කියනවා.එතකොට මේවත් ජේවීපී වැඩද?

:       0       0

රජිත් Monday, 18 June 2012 04:36 PM

ගුරු ගෝල සම්බන්ධය

:       0       0

කළණ ජේ Monday, 18 June 2012 04:42 PM

ඉන්දික, කැම්පස් වල කරන වැඩ දැකල තමා මුන්ටත් ඔය විසේ ගහල තියෙන්නෙ.

:       0       0

කිරි පණුවා Tuesday, 19 June 2012 09:01 PM

පුදුමයි නාහේ නොකාපු එක

:       0       0

අශාන් Monday, 18 June 2012 04:55 PM

මේකටත් ඉතිං JVP එකටම බැණපල්ලා

:       0       0

මන්ගා Monday, 18 June 2012 04:56 PM

මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.මේක තමයි රටේ ආශ්චර්යය

:       0       0

කරනේරිස් ගොයියා Tuesday, 19 June 2012 09:08 PM

ඊ ළගට ගහන්නේ මෙයාලගේම අම්මලට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 81 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2210 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 684 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site