IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සෝස්වලින් අසු මස් ගව මස් කර එංගලන්තයට කවයි

ආහාර සඳහා මස් වර්ගයන් තෝරා ගැනීමේදී යුරෝපයේ සෙසු රටවලුත් එංගලන්තයත් අතර පැහැදිලි වෙනස්කමක් දක්නට ලැබෙයි. 

ගෙඹි කකුල් ප්‍රංශයේ ප්‍රණීත ආහාරයකි. අශ්ව මස් නැගෙනහිර යුරෝපයේ මූලික ආහාරයකි. මේ දෙවර්ගයම බ්‍රිතාන්‍යය  පිළිකුලෙන් ප්‍රතික්ෂේපකරයි.

එනමුත් පසුගියදා එංගලන්තයේ ප්‍රධානපෙළේ සුපිරි වෙළඳසල් කාලයක් තිස්සේ අලෙවි කළ සීතකළ ආහාර වර්ග කිහිපයකම ගව මස් වෙනුවට අශ්ව මස් යොදා ඇතිබව හෙළි විය. 

රටපුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම ප්‍රවෘත්තිය සමග දස ලක්ෂ ගණනක් වටිනා ආහාර කුණු බක්කියට දැමීමට ඒවා ගබඩාකරගෙන සිටි වෙළඳසැල් හිමියන්ට සිදුවිය.

තොගවශයෙන් මෙම මස් ගෙන්වා ඇත්තේ නැගෙනහිර යුරෝපයේ පෝලන්තය,රුමේනියාව සහ දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය වැනි රටවල් වලිනි. 

 අශ්වමස් ගවමස් ලෙස නම් කර මෙම මස් වංචාව සිදුකර ඇත්තේ එංගලන්තයේ හෝ ප්‍රංශයේ ආහාර නිෂ්පාදනාගාරවලදී නොව එම මස් සැපයූ සමාගම් වලින් බවද සොයාගැනීමට හැකිවී ඇත.

ගවමස් යොදා නිෂ්පාදිත බවට නම්කර තිබු "ලසානියා" සහ " හැම්බර්ගර්" වර්ගවල ඇත්තවශයෙන්ම තිබුණේ සියයට සියයක්ම අශ්ව මස් බව මේ සම්බන්ධයෙන් සිදුකළ රසායනාගාර පරීක්ෂණවලින් හෙළිවිය. 

අශ්වමස් කෑම පිළිකුල් කරනා බ්‍රිතාන්‍යයන්ට තරුපෙනුණේ මෙම වාර්තා එළිදැක්වූ පසුවය. මස් කෑම සෞඛ්‍යයට හිතකර නොවනබවට විශාල මහජන මතයක් ගොඩනැගීමටද මෙම සිද්ධිය මුල් විය.

අශ්ව මස්වලට තක්කාලි සෝස් එක්කිරීමෙන් මස්වලට කළු පැහැක් ද, කුළු බඩු හා කොල එකතු කිරීමෙන් අශ්ව මස් රසය ඉවත් වී ගව මස් රසය ලැබෙන බව කියති.



අදහස් (0)

සෝස්වලින් අසු මස් ගව මස් කර එංගලන්තයට කවයි

සමන් Tuesday, 12 February 2013 02:19 PM

ඉර්ෆාන් ධර්මා, ප්‍රමිති ආයතනය කියල ආයතනයක් තියෙන්නෙ ඒකට තමයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 12 February 2013 07:52 AM

අශ්වයින් මරලා හදන වයින් බොන්න හොද නම් කෑම කෑවහම මොකද? (නි)

:       0       0

අසෝක Tuesday, 12 February 2013 02:30 PM

මිනිස්සුන්ට බොරු කරලා කන්න දෙන්න එපා (දී)

:       0       0

වරුණ Tuesday, 12 February 2013 08:06 AM

ඇයි තිස්සමහාරාමයේ පැත්තේ හෝටලයක හා මස් කියලා බළල් මස් දීලා අහුවුණේ. (නි)

:       0       0

දිසා Tuesday, 12 February 2013 09:10 AM

මේවා අපිටත් ඒවිද මන්දා? (නි)

:       0       0

ශාන්ත Tuesday, 12 February 2013 09:23 AM

මස් කන්න මොනවා තෝරන්නද? ඔක්කොම මස් නේ. (නි)

:       0       0

එරංග Tuesday, 12 February 2013 09:24 AM

හලාල් සම්බන්ධව මට නම් ගැටළු රැසක්ම තිබෙනවා (නි)

:       0       0

ජීවන් Tuesday, 12 February 2013 09:32 AM

එල....මාංශ අහාරයට මරු පහරක්.........!(ස)

:       0       0

ඉර්ෆාන් ධර්මා Monday, 11 February 2013 09:50 PM

මේවගේ ඒවා වෙන නිසා තමය් හලාල් කමිටු වගේ ඒවා පිහිටුවන්නේ, අපි කඩෙන් කෑමට ගන්නදේ හදන්නේ මොනවා දාලද කියල පොදු ජනතාවට සොයාබලන්න බැරිනිසා මෙවැනි පිළිගත් කමිටු පිහිටුවනවා, එම කමිටු මුදල් අය කරන්නේ රසායනාගාර පරීක්ෂණවලට මිසක් වෙන දේකට නෙමෙයි.(නදී)

:       0       0

චාමර Tuesday, 12 February 2013 11:04 AM

අනුමත කල නොහැකි වැඩක් (දී)

:       0       0

්‍රපියන්ත Monday, 11 February 2013 10:48 PM

අර තඩි ඔටුවව කන්න හොද නම් අශ්වයගෙ මොකද හලාල් නැත්තෙ? (නි)

:       0       0

ලංකාසිරි Monday, 11 February 2013 11:19 PM

හලාල් කියන්නේ මස් වර්ග හදුනාගන්නා වූ ක්‍රමයකට නොවේ. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 12 February 2013 11:44 AM

රවට්ටලා කන්න දෙන එක මහා කැත වැඩක් (දී)

:       0       0

රෝහිත Tuesday, 12 February 2013 12:17 AM

නියම පුවතක්. 100%ක්ම නිවැරදියි. (නි)

:       0       0

රංග Tuesday, 12 February 2013 12:43 AM

ඉර්ෆාන්, ඔයාගේ හලාල් ඔයාම කන්න. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 12 February 2013 01:36 AM

ඉර්ෆාන් ධර්මා, ඔබ හරි. එසේ නොවුණහොත් අලි මස් දුන්නත් කන්න තමයි වෙන්නේ. ඇයි ප්‍රමිතියක් නැහැනේ. (නි)

:       0       0

මිහිර Tuesday, 12 February 2013 02:20 AM

එතකොට එයාලට දෙන ලේත් රසායනික පරික්ෂාවකට ලක්කරනවද? (නි)

:       0       0

ස්ටෙෆාන් Tuesday, 12 February 2013 02:24 AM

ගෙබි කකුල් මස් යුරෝපයට එන්නෙ රුමේනියාවෙන්. ඔය ප්‍රශ්නෙ තිබෙන්නේ එන්ගලන්තයට පමණක් නොවේ. ගොඩක් බලපාන්නෙ ප්‍රංශයට තමයි. (නි)

:       0       0

විමුක්ති Monday, 11 February 2013 06:00 PM

ඔන්න අපි එහෙම කරපු වැඩක් නොවෙයි, ඒ ගොල්ලොම කල වැඩක් (දී)

:       0       0

ෂපීක් Monday, 11 February 2013 06:03 PM

එක එක රටවලට තියෙන ප්‍රශ්න.(නදී)

:       0       0

සමරසේකර Tuesday, 12 February 2013 05:37 AM

ඉර්ෆාන් දර්මා, ඔබේ හලාල් හරියට කරන්න නම් ඒ සතුන් ආහාරට ගත් කෑමත් හලාල්ද කියල උන් ඉපදුන මුල් අවස්ථාවේ ඉඳල මරණයට පත් කල දින තෙක් පරික්ෂා නොකරන්නේ ඇයි? ඔබ ඔබට ඕනැ දෙයක් පරීක්ෂා කර හලාල් සහතිකය ගසා ගැනීමට නිදහස තියෙනවා . ඒ වගේම අපටත් හලාල් නොවන ආහාර මිලදී ගැනීමට නිදහස තියෙන්න ඕන. නිෂ්පාදකයාට පුළුවන් හලාල් බඩු විතරක්ම වෙළඳ පලට දමන්න . එතකොට අපි ඒවා මිලට ගන්නේ නෑ. දැන් බිස්කට් වලට වෙලා තියෙන්නේ එකයි.(නදී)

:       0       0

ජසීම් Monday, 11 February 2013 07:42 PM

සහෝදරවරුනි, මේවාට තමයි හලාල් කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site