IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිසුවිය සමග මාරයා බසයෙන් එයි

(බී.ජී. චතුරංග සහ රොමේෂ් මධුෂංඛ) 

පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට  ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස අද (24) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර  පරසන්ගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අළුත්ගම ගම්බිරිගස්වැව ප්‍රදේශයේ  ලිපිනයේ පදිංචි අබ්දුල් මජිත් ෆායිස්  පාතිමා නැමැති 6 හැවිරිදි දැරියකි.

අලුත්ගම දරුසලාම් මුස්ලිම්  විද්‍යාලයේ, පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, පාසල නිම වී  බස් රථයෙන්  පැමිණ බස් රථයෙන් බිමට බසින අවස්ථාවේදී ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි. 

බස් රථයේ  පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පස්වරු 1.30ට පමණ මෙම දැරිය ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කළේය.

බස් රථයෙන්, දැරිය බිමට බසින අවස්ථාවේදී අපරික්ෂාකාරී ලෙස එක්වරම බස් රථය යළි ගමන් ආරම්භ කිරීමේදී අනතුර සිදුව ඇති බවට ලැබුණු තොරතුරු වලට අනුව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වන බවද   පොලිසිය කියයි.

අනතුරෙන් පසු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පරසන්ගස්වැව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ජී.එල්.සී. සිරිකාන්ත මහතාගේ උපදෙස් මත රථ රථ වාහන අංශයේ නිලධාරීහු පිරිසක්  අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති.



අදහස් (1)

සිසුවිය සමග මාරයා බසයෙන් එයි

kap Tuesday, 24 January 2023 05:16 PM

මුන්ට හදිසිය..පව් වෑඩේ පොඩි ලමයට..මුන් වගේ කාලකන්නින්ගෙන් පොඩි එකෙක්ටවත් බෙරිල්ලක් නෑ..මුසල හෑත්ත..මෑදපෙරදිග මේවගේ දෙයක් උනානම්, මුන් දෙන්නව එල්ලල මරන්නෙ..අනේ පොඩි බබා..හරිම දුකයි..කාලකන්නි මුසලයො.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site