IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුවියට පිහියෙන් ඇන මරලා

ගල්ගමුව ගිරිබාවේ  පාසල් ශිෂ්‍යාවක (16) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.

ඇය ඝාතනය කළැයි කියන විසි හතර හැවිරිදි තරුණයකු  ගසකින් බිමට වැටී  රෝහල් ගත කරනු ලැබ සිටී.

ඔහු කඹයකින් එල්ලී සිය දිවි නසා ගැනීමට තැත් කළේදැයි  පොලීසිය සැක කරයි.

කඹය කඩා වැටී ඔහු බිමට වැටී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.



අදහස් (0)

සිසුවියට පිහියෙන් ඇන මරලා

නලීන් Thursday, 16 October 2014 11:57 PM

දැන් හැදෙන ළමයින්ට පාසල් යන කාලයේ අදාළ කටයුතු හොඳින් අවසාන කරන්න නෙමෙයි සිහිය තියෙන්නේ. කසාද ජීවිතය ගැන තමයි සිහින මවන්නේ. අඩුගානේ බැඳලා ගිහින් තුන්වේල කන්නේ කොහොමද කියලාවත් හිතන්නේ නැහැ. (නි)

:       0       0

විරාජ් Friday, 17 October 2014 02:05 AM

ඇනපු පිහිය හොයන්න සැකකරු රැගෙනයන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රියංක Friday, 17 October 2014 03:06 AM

නූතන තරුණ පරපුරද මේ? (නි)

:       0       0

හේරත් Friday, 17 October 2014 03:30 AM

එක දිගට පෙන්වන ළමා සිත් , තරුණ සිත් දුෂණය කරන බොළඳ ආදර ටෙලිනාටක දකින අපේ ඉදිරි පරපුර නිකන්ම වැරදි මඟට යොමුවෙනවා (නි)

:       0       0

ජයනි Friday, 17 October 2014 03:54 AM

විරාජ්, හොද ප්‍රශ්නයක් (නි)

:       0       0

සුනිල් රණවීර Thursday, 16 October 2014 02:00 PM

ආදර සම්බන්ධයක් වෙන්න ඇති (නදී)

:       0       0

ජයනි Friday, 17 October 2014 04:51 AM

හේරත් ඔබ හරි. එක ටෙලි නාටකයක් තිබෙනවා, තරුණ ගැහැණු ළමයෙක්ව දෙමව්පියන් නාකි හුරතල් කරනවා. එයාගේ වැඩේම මස්සිනාගේ පස්සෙන් ආදරය හිඟමන් යදිමින් යන එක. ඒ චරිතයට පුදුම වටිනා කමක් ටෙලි නාට්‍යයේ ලැබෙන්නේ. මෙන්න මෙහෙම තමයි තරුණියෝ ඉන්න ඕන කියල. ඉතින් අපේ ගැහැණු ළමයිනුත් ඕවා තමයි ආදර්ශයට ගන්නේ. හැබැයි මේ පුවතේ නම් මොනවා වුනාද දන්නේ නැහැ. (ස)

:       0       0

සුජීව Friday, 17 October 2014 04:54 AM

ආදර සම්බන්ධතාවයක් මුල් වෙලාද?(හේ)

:       0       0

වික්‍රම Thursday, 16 October 2014 03:00 PM

මෙවැනි අපරාධ කවදා නැති වෙයිද?(හේ)

:       0       0

කුමාරි Thursday, 16 October 2014 03:13 PM

ආලයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට සමයි කියන්නේ ඕකයි. තරුණ ගැහැණු ළමයින්ට හොඳ පාඩමක්.(හේ)

:       0       0

ලලීන් Friday, 17 October 2014 05:30 AM

සමාජය අන්තයටම පිරිහිලා. හේරත් මහතා ගේ කතාව ඇත්ත පෞද්ගලික රුපවාහිනී සහ ගුවන් විදුලිය හැමෝගෙම මනස කනවා. යම්කිසි ප්‍රමිතියක් තියන වැඩසටහන් අඩුමගානේ රාත්‍රී 10.00 වෙනකල් වත් පෙන්නන්න. (ස)

:       0       0

ඩිලාන් Thursday, 16 October 2014 05:59 PM

කුමාරි, මේක පිරිමින්ට හොඳ පාඩමක් නොවේද? (නි)

:       0       0

සෙලනිකස් Thursday, 16 October 2014 07:12 PM

කුමාරි, මොකක් ද මේකෙන් ගැහැණු ළමයින්ට තිබෙන පාඩම? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site