IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිසුවියකට හදිකළ ගුරුවරයාට වසර 12ක සිර දඬුවමක්

(රංජිත් රාජපක්ෂ)

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය.

මෙසේ බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලැබුවේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් පුද්ගලයකු වන අතර චුදිතයා 2010.01.01 – 2010.01.31 අතර දිනයක අවු 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑලිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.

මහාධිකරණ විනිසුරුවරයා චුදිතට රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කල අතර , එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලය තවත් මාස තුනක් දක්වා දිර්ඝ කිරිමටත්, වින්දිතියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවිමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක කාලයක් සිර දඩුවම් ලබාදිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටිහ.



අදහස් (0)

සිසුවියකට හදිකළ ගුරුවරයාට වසර 12ක සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site