IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිසුවාට ගැසී යැයි ගුරුවරයා සැකපිට

ගම්පහ පාසැලක 11 වසර සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක්  සැකපිට අත් අඩංගුවට ගනු ලැබ  සිටියි.

සිසුවා ප්‍රථිකාර ලබා ගැනීම සඳහා  ගම්පහ මුලික රෝහලට ඇතුලත් කර ඇත. 



අදහස් (0)

සිසුවාට ගැසී යැයි ගුරුවරයා සැකපිට

චාමික Wednesday, 12 November 2014 10:57 AM

දඩුවම් කිරීමයි රෝහල්ගත වන්නට පහරදීමයි දෙකක්. මේ බණ කියන කට්ටියගේ ළමයෙකුට ඉස්පිරිතාලේ යන්න ගුටි කන්න වුනොත් ඒ අය කරන්නෙත් මේකම තමයි. (නදී)

:       0       0

ලහිරු Wednesday, 12 November 2014 02:43 AM

මම ඉස්කෝලෙදි ගුටිකාපුවට එහෙනම් මං හැමදාම ඉස්පිරිතාලෙ නතරවෙලා ගුරුවරු සේරම පොලිසියේ ඉන්න ඕන ....(බ)

:       0       0

ධම්ම Wednesday, 12 November 2014 04:00 AM

ගුරු සිත නොරිදවා..වෙලාව නොවරදවා..බැති පෙම් උපදවා..අකුරු උගනී කුමරු සොඳවා. සිසුවා රෝහලට ඇතුළු වුනේ මාලක සිල්වා ආදර්ශයට ගැනීමෙන් බව හැඟේ. (බ)

:       0       0

සුපුන් Wednesday, 12 November 2014 12:40 PM

ඔය විදියට ගුරුවරුන්ව සෑම දෙයකටම පොලිසි ගෙනියනවා නම් ගුරුවරුන්ට තියෙන්නේ පැත්තකට වෙලා නිකන් ඉන්න. (නදී)

:       0       0

සුපුන් Wednesday, 12 November 2014 12:40 PM

ඔය විදියට ගුරුවරුන්ව සෑම දෙයකටම පොලිසි ගෙනියනවා නම් ගුරුවරුන්ට තියෙන්නේ පැත්තකට වෙලා නිකන් ඉන්න. ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉගෙන ගත්තාවේ නැති එකෙක් නිකන් හිටියාවේ. ගහල බැනල උගන්නාපුවම අන්තිමට දෙමව්පියෝ දෙන තෑග්ග තමා ගුරුවරුන්ව හිරේ දාන එක. මොකටද අනුන්ගේ දරුවන්ගේ අනාගතයට ඔච්චර මහන්සි වෙන්නේ. මේ රටේ දෙමව්පියෝ දැන් හරි කැමති ගුරුවරුන්ව හිරේ දැම්ම කියල උජාරුවට කියන්න. (නදී)

:       0       0

සෑම් Wednesday, 12 November 2014 06:54 AM

හැත්තෑවේ දශකයේ රාජකීය කනිෂ්ඨ විදුහලේ අපිට ගණිතය උගැන්වූ ගුරුතුමාගෙන් ගුටි කන්න බැරි නිසා අපි හැමදාම ගණන් පාඩම උනන්දුවෙන් ඉගෙන ගත්තා හැමදාම ගෙදර වැඩ හරියටම කළා. මාත් ඇතුළුව බහුතරයකට විශිෂ්ඨ සම්මාන ලැබුණා. අපිත් ගුටිකන පාරක් ගානේ පොලිසි ගියානම් මම අද මේ ඉන්න තැන නැහැ. ගුරුතුමාට දීර්ඝායුෂ පතමි.(දිල්)

:       0       0

බමුණු Wednesday, 12 November 2014 09:48 AM

ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් ළමයින්ට දඬුවම් කරන්න එපා. ඔහේ ඉබාගාතේ හැදෙන්න ඉඩ හරින්න. (ර)

:       0       0

මනෝ Wednesday, 12 November 2014 10:41 AM

අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගහපු ගුරුවරුන්ට අපි තාමත් ආදරෙයි. කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ඊ. සී. ගුණසේකර මහතාගෙන් බැනුම් ඇහුවේ නැති ගුටි කෑවේ නැති කිසිම ශිෂ්‍යයෙක් හොයාගන්න අමාරුයි. එ්වුනාට අපි අදත් එතුමාට ගෞරව කරනවා. එතුමා ගේ අවමගුලට දස දහස් ගණන් ආදී ශිෂ්‍යයින් පැමිණියා. මේ සටහන දෙමවුපියන් කියවනවානම් කරුණාකර මේ වගේ දේ වලට පොලිසි යන්න එපා. තමාගේ ළමයව අවවාද කර හදා ගන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site