IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිසුවාගේ මරණයට දුම්රිය රියැදුරන් 84 වගකිව යුතුයි

(රංජන් කස්තුරි)

දුම්රියේ වහලක ගමන්කරමින් සිටි සිසුවකු ඉන් වැටී මිය යාමේ සිද්ධියට වැඩවර්ජනය කළ දුම්රිය රියදුරන් 84 දෙනාම වගකිව යුතු යැයි ජනමාධ්‍ය හා  ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

වැඩවර්ජනය කළ දුම්රිය රියදුරන් එම තරුණයාගේ මරණයට වගකිවයුතු බව ද එය මිනීමරුමක් බව ද ඇමැතිවරයා කීය. 

සාකච්ඡාවක්  ලබාදී තිබියදීත් හිතුවක්කාර,නීති විරෝධී වර්ජනයක් කිරීම නිසා මෙම මරණය සිදු වූ බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (12)

සිසුවාගේ මරණයට දුම්රිය රියැදුරන් 84 වගකිව යුතුයි

Kumar Tuesday, 12 September 2023 09:42 PM

තමන්ගේ මොලේ පාවිච්චි කිරීමෙන් එම සිසුවාගේ ජීවිතය නැතිවුණේ... අපි වගේ බයගුල්ලෝ එවැනි වැඩ කරන්නේ නැහැ...

:       0       0

රටවැසියෙක් Wednesday, 13 September 2023 12:27 AM

රියදුරන් නෙමෙයි වගකිය යුත්තේ ඔබතුමා ඇතුළු රජයයි. වෙන රටක නම් ඇමැතිතුමා ඉල්ලා අස්වෙලා. ප්‍රවාහනය ශක්තිමත් කිරීම ඇමැතිතුමාගේ වගකීම. දුම්රිය වර්ජන නම් මගීන්ට වෙනත් ප්‍රවාහන සේවා වැඩිකිරීම යුතුකමක්, වගකීමක්. ඔබතුමාලා මොනවද කරන්නේ ඔය අමැතිකන් අරන්...! බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න. එදාවේල බොහෝම අමාරුවෙන් පිරිමහගෙන කාලා පණ රැකගෙන ඉන්න අසරණ මිනිස්සු තවත් අසරණ කරන්නේ නැතුව. කාට හරි ඇඟිල්ල දික්කරලා බේරෙන්න බෑ.. ප්‍රවාහන ඇමැති විදියට...!

:       0       2

Bamunuarachchi Wednesday, 13 September 2023 12:55 AM

හරියට හරි.

:       0       0

Perera Wednesday, 13 September 2023 03:05 AM

මිනිස්සු දුම්රියෙ වහල උඩ යද්දි V8 වල නැගල සැපට යන ඔහෙලත් වග කියන්න ඔන රට මෙ තත්වෙට ඇදල දැම්මට.

:       0       0

dumi Wednesday, 13 September 2023 03:40 AM

හරි නම් උබ ඉල්ලා අස්වෙන්න ඕනේ. උබනේ ඇමෙති

:       0       2

LGP. JATHUNARACHCHI. Wednesday, 13 September 2023 06:43 AM

දුම්රිය රියදුරන් 84ක් හිටියාද?

:       1       0

පැරකුම් Wednesday, 13 September 2023 07:16 AM

මේ නිකං දේශපාලුවන්ගේ ජනතාව රවට්ටන විහිලු කතා. ඔය කයිවාරු ගැහුවාට වෘත්තිය සමිතිවලට බයේ ගැහෙනවා ජනතාව තැලෙනවා... රජයක් හැටියට අසමත් බව ප්‍රසිද්ධියේ පිළිගෙන පුළුවන් කෙනෙකුට බාරදීලා වැදගත් විදියට ගෙදර ගිහින් වැඩක් බලාගත්තා නම් කාටත් හොදයි නේද?

:       1       0

Anura Pathirana Wednesday, 13 September 2023 09:51 AM

දොරටු සවි කර අති ආරක්ශ කාරි දුම්රිය ධාවනයට යෙදවිමට ඇති දැනුම අල්ප බව පෙනෙනව මගි අරක්ශන වැඩ දන්නෙම නැහැ

:       1       3

Indika Wednesday, 13 September 2023 10:33 AM

එතකොට ඇමතිතුමා

:       1       5

Nimal Wednesday, 13 September 2023 11:52 AM

ලැජ්ජා නැද්ද? මැරුණු කෙනෙක් ගැන කිය කියා දේශපාලනය කරන්න.

:       2       2

Rata Perata Wednesday, 13 September 2023 12:10 PM

ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මරපු 230ට නුඹලා ඔක්කොමත් වගකියන්න ඕනෑ.

:       1       2

සල්ලි Wednesday, 13 September 2023 12:24 PM

මේකාලා හදපු රට තමා. සුභ අනාගතයක් කියලා පච පොරොන්දු දුන්නු එවුන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site