IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසුවාගේ පරිගණකය මොරටු සරසවියට

කොටදෙණියාව දැරිය ඝාතනය සම්බන්ධයෙන් සාක්කි නොමැතිව නිදහස් කළ සිසුවාගේ ලැප්ටොප් පරිගණකය මොරටු සරසවියට යවා වාර්තාවක් රහස් පොලිසියට බාර දෙන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (2) නියෝග කළේය.

සේයා දැරියගේ මරණය සම්බන්ධ සාක්කි සටහන් කරගැනීම අද අවසන් විය. දැරියගේ මව අද සාක්කි දුන්නාය. කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා සිසුවාගේ ලැප්ටොප් පරිගණකය මොරටු සරසවියට යවා වාර්තාවක් ලබාගැනීමට අවසර දෙන ලෙසයි.

ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එම වාර්තාව රහස් පොලිසියට බාරදිය යුතු බවයි. එහි පිටපතක් කොටදෙණියාව පොලිසියට යවන්නැයි මහේස්ත්‍රාත් මොරටු සරසවියට නියෝග කළේය.

 

 



අදහස් (0)

සිසුවාගේ පරිගණකය මොරටු සරසවියට

පරණගම Friday, 02 October 2015 09:20 AM

ළමයි ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන්නේ පරිස්සමෙන්, පේනවනේ යනදුර.(ම)

:       0       0

විජේසුන්දර Friday, 02 October 2015 06:13 PM

ළමයාගේ පරිගණකය මොරටුව විශ්ව විද්‍යාලයට දෙන්නේ ඇයි? (නි)

:       0       0

ස්මිත් Friday, 02 October 2015 09:30 AM

ළමය නිදහස් කර නම් සාක්කි නැතුව, ලැප් ටොප් එක ආයේ මොකටද පරීක්ෂා කරන්නේ, කොහොම හරි ළමයාව පටලන්නද, මහේස්ත්‍රාත් සාදාරණය ඉටු කරන්න, පොලිසියේ සම්බන්ධ සියලු දෙනාගේ වේද තහනම් කරන්න, (ම)

:       0       0

විජිත් Friday, 02 October 2015 06:22 PM

මට පෙනෙන විදිහට දැන් මේ නඩුව යන්නේ තොරතුරු තාක්ෂණ පැත්තට.අපි මොහොතකට හිතමු කොටදෙනියාවේ පොලිස් පරීක්ෂක හරි කියලා. එහෙමනම් මේ ඝාතනයට සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ බිල්ගේට්ස් සහ ගුගල් සමාගමයි. (නි)

:       0       0

හනීස් Sunday, 04 October 2015 02:07 PM

ඔය තව තවත් ලොක්කන්ගේ ළමයින්ගේ පරිගණක එහෙමත් පරීක්ෂා කරලා බැලුවොත් නරකද? මේ විදිහට ගියොත් රටේම තියන පරිගණක පරීක්ෂා කරන්න වෙනම පොලීසියක් ඕනෑ වේවි. (නි)

:       0       0

පෙරේරා Friday, 02 October 2015 09:42 AM

පරිගණකය පරීක්ෂා කරන්නේ කුමන අරමුණකින්දැයි නොතේරෙන නිසා කිසිවක් කිව නොහැක. (ර)

:       0       0

පුබුදු Friday, 02 October 2015 09:42 AM

ළමයා නිදහස් කරලා ඉවරයි. අනේ මන්ද පොලිසියත් ඉවරයකුත් නෑ ? (ර)

:       0       0

බද්‍රනි Friday, 02 October 2015 09:49 AM

මට අර දීපාල් සිල්වාගේ මනරම් සිංදුව මතක් උනා... (ර)

:       0       0

බද්‍රනි Friday, 02 October 2015 09:48 AM

හොඳ වෙලාවට ඔය ළමයාගේ විතරක් පරිඝනකය පරික්ෂා කරන්න යන්නේ. (ර)

:       0       0

සෑම් Saturday, 03 October 2015 07:24 AM

මම නම් කියන්නේ තරුණ වයසේ මේවා සාමාන්‍ය දේවල් (නි)

:       0       0

ඉන්දික Friday, 02 October 2015 09:57 AM

පොලිසිය මොකක් හරි පටලවන්නයි යන්නේ. (ස)

:       0       0

මිලාන් Friday, 02 October 2015 10:26 AM

දැන් ළමයව නිදහස් කලා දැන් එපාර පොලිසිය ඒ වරද වහගන්න ලැප්ටොප් එක පසෙන්යනවා අනේ මන්දා අන්තිමට සේයගේ නඩුව නෙමයි මේක පරිගණක නඩුවක් වෙන්නයි යන්නේ (අ)

:       0       0

අබ්දුල් Friday, 02 October 2015 10:30 AM

මං හිතන විධියට නම් ලැප්ටොප් එක අර තිබ්බ කිවුවඅසබ්බ්‍ය දර්ශන සිසුව අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පරිඝනකයට බාගත කරාද යන්න ගැන සොයා බලන්න කියන්න. පොලිසිය දැම්මාද කියලා දැන ගන්න (අ)

:       0       0

බදනී Friday, 02 October 2015 10:55 AM

බොහෝ අයගේ පරිගණක පරික්ෂ කළා නම් වර්තමානයේ ඇතිවී තිබෙන බොහෝ ගැටලුවලට විසඳුම් සොයා ගත හැකිවේවි. (ර)

:       0       0

සමීර Saturday, 03 October 2015 09:24 AM

මේක පොලිසිය ලැජ්ජාව වහගන්න කරන දෙයක්. (ර)

:       0       0

සම්පත් Friday, 02 October 2015 11:23 AM

පොලිසිය පොඩි එකාව අතාරින්නෙම නෑ වගේ.... (ර)

:       0       0

ගුණවර්ධන ගමගෙදර Friday, 02 October 2015 11:24 AM

ඕ අයි සීත් කේස් එක ලේසියෙන් අතහරින්නෙ නෑ වගේ. කොහොමටත් ළමයෝ ඉදිරිය ප්‍රවේශමෙන්. (ර)

:       0       0

විජේතුංග Friday, 02 October 2015 01:00 PM

පොඩි එකාට ගැළවීමක් නම් නැහැ වගෙයි (නි)

:       0       0

සිල්වි Friday, 02 October 2015 02:49 PM

මම හිතන විදිහට පාසලේ විනය කඩ කරලා. මේවා හොද පාඩම් පාසල් දරුවන්ට. බලල මකල දාන්නේ නැතුව ඒවා තියාගන නැවත නැවත බලනවනම් එකත් මානසික රෝගයක්. (ර)

:       0       0

බොනී Saturday, 03 October 2015 04:54 AM

දැන් මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site