තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් අත්තනෝමතිකව ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයා වන සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා දකුණු පළාත් සභා මන්ත‍්‍රී එච්.ඒ පියසේන මහතා අද(20) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, දකුණු පළාත් සභා ලේකම් කේ.එල්.දයාරත්න, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය යන මහත්වරුන් නම් කරනු ලැබ ඇත.
තමා ඉකුත්දා පැවති මහමැතිවරණයට මාතර දිස්ත‍්‍රික් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළ බවත්,පසුව තමා පක්ෂ ව්‍යවස්ථාව කඩ කර ඇති බැවින් තමා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව දන්වමින් වගඋත්තරකාර සන්ධාන හිටපු මහලේකම්වරයා ලිපියක් මඟින් තමාට දැන්වූ බවද පෙත්සම්කරු කියා සිටී.
තමාට එරෙහිව චෝදනා පත‍්‍රයක් හො විනය පරීක්ෂණයක් නොකැඳවා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බැවින් තමන් නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් හා පළාත් සභා මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිතුත් කරන ලෙසද පියසේන මහතා ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුසිල්ට එරෙහිව පළාත් මන්ත්‍රීගෙන් පෙත්සමක්
සත්‍යා Friday, 21 August 2015 02:01 AM
අනුන්ට කළ දේවල් වලට පළදෙන මොහොත ළඟාවෙලා (නි)
විජේපාල Thursday, 20 August 2015 02:54 PM
එක අතකට බලනකොට අපි මේවා ගැන කලබලවෙලා වැඩක් නැහැ (නි)