IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුසිල්ට/අනුරට එරෙහි නඩු අස්කර ගනී

ශ්‍රීලනිප හා සන්ධාන ලේකම්වරුන් වන දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල මහත්වරු හිටපු ලේකම්වරුන්වන අනුර ප්‍රියදර්ශන යාපාට හා සුසිල් ප්‍රේම්ජයන්තට එරෙහිව ගොනු කර තිබූ නඩු අද (28) ඉල්ලා අස්කරගත්හ.

තම ධූරයන්හි කටයුතු කිරීමේදී හිටපු ලේකම්වරුන්ගෙන් කිසිදු බාධාවක් ඇති නොවීම හේතුවෙන් හා සුසිල් ප්‍රේම්ජයන්ත එම ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල ලේකම්වරු අද අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ හේතුවෙන් කොළඹ දිසා අධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා නඩු නිෂ්ප්‍රභා කළේය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහ මැතිවරණයට පෙර ශ්‍රීලනිප හා සන්ධාන ලේකම්වරු ඉවත් කර වැඩබලන ලේකම්වරුන් ලෙස දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල මහත්වරු පත් කළ අතර ඔවුන් දෙදෙනා තම රාජකාරියට බාධා ඇති නොකරන ලෙස සුසිල් හා අනුරට එරෙහි වාරණ නියෝගයක් පසුගිය අගොස්තු 14 වැනිදා ලබාගත්හ.

 



අදහස් (0)

සුසිල්ට/අනුරට එරෙහි නඩු අස්කර ගනී

මංජු Friday, 28 August 2015 04:54 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපේ රටේ අනාගතය ගැන අවිනිශ්චිතයි (බ)

:       0       0

ගයාන් Friday, 28 August 2015 04:57 AM

සමගියෙන් වැඩ කරන්න. මේක පුංචි රටක්. බෙදාගන්න දෙයක් නැහැනේ ? අපි හැමෝම දවසක මැරෙන මිනිස්සු (නදී)

:       0       0

සිසිර Friday, 28 August 2015 05:39 AM

නඩු දානවා අපහු ඉවත් කරගන්නවා ? දැන් මේක ව්හිළුවක් වෙලා (ම)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 August 2015 05:45 AM

මේවටද කියන්නේ මෙගා ඩීල් කියලා (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 28 August 2015 06:15 AM

කට්ටියට ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය මහජන මතය විහිළුවක් වෙලා. පක්ෂයක පැවැත්ම රැදීම තියෙන්නේ පාක්ෂිකයින් මත කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලොකු ලොක්කෝ අමතක කරලා.(නදී)

:       0       0

දහම් Friday, 28 August 2015 07:03 AM

ලොක්ක පක්ෂය සහ පාක්ෂිකයන් යූ එන් පී එකට පාවා දුන්නා (ම)

:       0       0

සනත් ඉන්දික Friday, 28 August 2015 11:11 AM

නින්දිත ඩබල් ගේම් එකක් මහජනතාවගේ කතිරය මේ අයට විහිළුවක් මේක ඡන්ද මංකොල්ලයක් (අ)

:       0       0

මොහොමඩ් Friday, 28 August 2015 01:34 PM

ගයන් ඔයයි ඇත්ත කතාව කීව්වේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site