IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිසුන් දෙපිරිසක් ගැටී තුනක් රෝහලට

(සුමිත් පොතුපිටිය)

පයාගල ප්‍රදේශයේ ජාතික පාසලක  උසස් පෙල පන්ති දෙකක සිසුන් පිරිසක් අතර අද (23) දහවල් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් තිදෙනකු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ පයාගල මැටියලමුල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුන් තිදෙනකු බව සදහන් වේ.

රෝහල් ගතකර ඇති සිසුන් තිදෙනාගේ හිස ,අත් සහ මුහුණ පෙදෙස්වලට තුවාල සිදුව ඇති බවත් 1990 සුවසැරිය ගිලන් රථයෙන් ඔවුන් රෝහල් ගතකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුරු මහත්ම මහත්මීන් බලා සිටියදීම හෙල්මට්වලින් සහ අතින් පයින් පහරදීම සිදුව ඇති බව සදහන් වේ. පහරකෑමට ලක්ව දසදෙනකුට අධික පිරිසක් සුළු තුවාල ලබා නිවෙස්වලට ගොස් ඇතැයිද සදහන් වේ.

මාපියන් දෙදෙනකු මේ වනවිට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිලි ඔස්සේ විමර්ශන සිදුකරන බව පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

 



අදහස් (2)

සිසුන් දෙපිරිසක් ගැටී තුනක් රෝහලට

Samira Friday, 23 September 2022 03:57 PM

ගැහැණු ළමයාගේ නම මොකක්ද?

:       0       4

dhamneth Friday, 23 September 2022 04:03 PM

මේ දරුවන්ට නම් මන්ද පෝෂණයක් නැතිව ඇති...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 355 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site