IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුන් දෙදෙනකුට කුරිරු වූ ගිංතොට මෝය

(ඩී.ජී.සුගතපාල)

ගිංතොට ගිංගඟ මෝයකට අසල මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනකු අද දහවල් දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාවින්න අරාබි විදුහලේ අධ්‍යාපනය ලබන ගාල්ල හිිරිඹුර පදිංචි මොහොමඩ් මොහොමඩ් යුසුප්(14) සහ ගාල්ල මොරගොඩ පදිංචි මොහොමඩ් මිල්ෂාන් (15) යන හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

ඔවුන් අධ්‍යාපනය ලබන අරාබි විදුහල නිවාඩු ලබාදිම නිසා මෙම සිසුන් දෙදෙනා ගිංතොට මෝයකට අසල මුහුදේ දිය නැමට පැමිණ ඇත. එසේ නාමින් සිටියදි දෙදෙනාම දියේ ගිලි ඇති අතර පැය බාගයක් පමණ වේලාවක් දියයට සිටියදි ප්‍රදේශවාසින් එක්ව ගොඩට ගෙන ඇත.

ඒ වනවිටත් එක් අයකු මියගොස් සිට ඇති අතර අනෙක් සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.



අදහස් (4)

සිසුන් දෙදෙනකුට කුරිරු වූ ගිංතොට මෝය

Senarath Wednesday, 09 November 2022 09:12 AM

කවුරුත් හිටියෙ නැතිඩ පීනනන්න පුලුවන් කෙනෙක්, මෙ දරුවො දෙන්න බෙරගන්න. අහිංසක දරුවො දෙන්නෙක්ගෙ ජිවිත විනාශ උනා.

:       0       6

MohomadWednesday, 09 November 2022 11:04 AM

සෙනරත් .මේක අපේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ අන්තිම කැමැත්ත .අපි එයාගේ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ.නැතිනම් ?

:       4       3

fairoosWednesday, 09 November 2022 12:11 PM

මොහොමඩ් කව්ද ඔයාට ඔය නම දැම්මෙ?

:       1       3

Santhu Wednesday, 09 November 2022 12:59 PM

දෙයියන්ටත් පුදුම විදියේ කැමැති දේ නෙ තියෙන්නෙ. පීනන්න නොදැන විශාල ඡලාස, ගංඟා වලට යන අය ගැන හැමදාම අහන්න ලැබෙන කනගාටුදායක ප්‍රවෘති මේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site