මේ දිනවල පැතිරෙමින් පවතින උණ රෝගයක් හේතුවෙන් සබරගමුව සරසවිය ලබන 20 වැනි දා තෙක් වසා දැමීමට පියවර ගත් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා කෘෂි විද්‍යා පීඨයේ පළමු හා දෙවැනි වසරට නිවාඩු ලබාදී තිබූ අතර ඉකුත් බදාදා වන විට කෘෂි විද්‍යා පීඨයේ සියලුම සිසුන් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමිණි. කෘෂි පීඨයට නැවත අධ්‍යනය කටයුතු 11 වැනි දා ආරම්භ වීමට නියමිතව තිබුණත් සියලුම පීඨයන්ට 08 වැනි දා සිට විවේක නිවාඩු ලබාදී ඇත.
නේවාසිකාගාරවල සිසුන් අතර උණ රෝගය පාලනය කිරීම, නේවාසිකාගාර පිරිසිදු කිරීම, ජලය පරීක්ෂා කිරිම , රෝගය පැතිරයාම වැළැක්වීමට ආරක්ෂිත පියවරයන් යෙදීම සඳහා සිසුන්ට විවේක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙන බව ශ්‍රි ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති එච්.එස්.ආර්. රොසයිරෝ මහතා පැවසුවේය.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ සිසුන් 08 වැනිදා සිට ලබන 20 වැනිදා දක්වා අධ්‍යනය කටයුතු සිදු නොකෙරෙන බවත් සියලුම සිසුන් 09 වැනි දා පස්වරු 06 ට පෙර විශ්ව විද්‍යාලයෙන් ඉවත් විය යුතු බවට නිවේදනය කර සිටියි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සිසුන්ට උණ : සබරගමු සරසවිය වහයි
සෑම් Friday, 08 July 2016 08:13 AM
එක්කෝ ස්ට්‍රයික් , නැත්නම් පන්ති වර්ජන, ඊළඟට උද්ඝෝෂණ, යාන්තම් ඒවා ඉවර වෙනකොට උණ?? නාකි වෙලා තමයි උපාධිය ගන්න වෙන්නේ (ම)