IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිසිටීවී කැමරා වෑන් රිය අල්ලයි

නාවලපිටියේදී අභිරහස් ලෙස මිය ගිය නාඳුනන පුද්ගලයකුගේ සිරුර කිලෝමීටර් 17ක්  ගම්පොළ දක්වා ඇමිණි ගිය බව කියන වෑන් රිය  සීසීටිවී ආරක්ෂක කැමරා අධාරයෙන් දින තුනකට සොයා ගැනීමට  පසු පොලීසිය සමත් විය.

එහෙත් එම පුද්ගලයාගේ මරණය සිදු ආකාරය හෝ මෙම වෑන් රියේ ඇමිණි ගිය ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් පොලිසියට ලැබී නැත.

මළ සිරුර ඇදී යද්දී හිසද ජනනේන්ද්‍රියද වෙන්වී ඇතැයි පොලීසිය කියයි.

DSC07248 DSC07263 DSC07324 DSC07325 DSC07330 DSC07331

 

 

 



අදහස් (0)

සිසිටීවී කැමරා වෑන් රිය අල්ලයි

සෑම් Monday, 10 November 2014 08:00 AM

මිනිස් සිරුරක් වගේ විශාල දෙයක් රියදුරා නොදැනුවත්ව වාහනයක ඇමිණෙනවා කියන එක මටනම් හිතාගන්නවත් බැහැ, නමුත් ටික කලකට පෙර බෙල්ලන්විල පෙරහරට සහභාගී වී ආපසු යමින් සිටි අලියෙක් මහරගමදී පුද්ගලික බසයක හැපුන එකේ නඩුවේදී රියදුරා කියලා තිබුනානේ ""අලියාව දැක්කේ නැහැ ""කියලා . ඒක නිසා කාටවත් වරදක් කියන්න බැහැ. මියගිය පුද්ගලයාට නිවන් සුව,(බ)

:       0       0

ටානියා Tuesday, 11 November 2014 04:23 PM

සීසීටීවී කැමරා සෑම මාර්ගයකම සවිකළොත් හොඳයි (නි)

:       0       0

ධම්ම Monday, 10 November 2014 08:43 AM

අහම්බෙන් මේක වුණානම් පොලීසියට කියන්න තිබුනානේ.(බ)

:       0       0

සඳුනි Monday, 10 November 2014 09:22 AM

මෙය කිසියම් පළිගැනීමක් විය නොහැකිද? (බ)

:       0       0

බුද්ධික Monday, 10 November 2014 09:43 AM

අන්න හොඳ වැඩක් කරලා තියනවනේ... (ර)

:       0       0

බුද්ධික Monday, 10 November 2014 09:43 AM

අන්න සීසීටීවී කැමරා වලින් වුණ හොඳ වැඩක් (නි)

:       0       0

මර්වින් Monday, 10 November 2014 09:50 AM

වාහනේ ගත්තේ අලුතින්. ඒක නිසා අමරුවේ දාන්න මිනියක් අමුණලා වෙන්න ඇති. ඉදිරි පස පහත් නිසා පේන්නේ නැහැ. ම්නිහා මේකත් ඇදගෙන කි මි 17ක්ම ඇදිල ගියා. කෙනා කවදාවත් හොයන්න බැහැ වල දාපු කෙනෙක් නිසා ඔලුවත් නැහැ. මේවා කැත වැඩ. පාරේ තිබුනේ තීන්ත වෙන්න ඇති (නදී)

:       0       0

බෙනට් Monday, 10 November 2014 09:58 AM

මම මේ අහන්නේ හැඟීම් දැනීම් නැති පුද්ගලයෙකුට වාහන රියදුරු බලපතක් ගන්න පුලුවන්ද ?මට පේන්නේ පාරේ මියගොස් තිබුන මිනිය තමයි වැන් එක උඩින් යද්දී බඳේ එල්ලිලා ගිහින් තියෙන්නේ ...(බ)

:       0       0

එරංග Monday, 10 November 2014 10:16 AM

සීසීටිවී හැම හොරයක්ම දැන් අල්ලනවා.(හේ)

:       0       0

ලසන්ත Monday, 10 November 2014 03:44 PM

මේක මිනී මරුමක් වෙන්න බැරිද?(හේ)

:       0       0

චාමර මදුසංක Monday, 10 November 2014 10:35 AM

මේකනම් අහඹුවක් වෙන්න ඇති වැඩි විස්තර හොයාගන්න බැරිවෙලාද සීසීටීවී දර්ශන වලින් (බ)

:       0       0

සෙනෙවි Monday, 10 November 2014 10:42 AM

සීසීටිවී නැත්තම් වෑන් එක හොයා ගන්න බෑ.(හේ)

:       0       0

රුමේෂ් මාරසිංහ Monday, 10 November 2014 10:58 AM

මම නාවලපිටියෙ කාලයක් හිටියා. මේ කියන පාරෙ ඔහොම දෙයක් මහ රාත්‍රියෙ උනත් නොපෙනී යන්න බෑ. ඉතාම ජනාකීර්ණ පාරක්. උලපනේ වගේ නගරත් තිබෙනවා. (බ)

:       0       0

බෙනට් Monday, 10 November 2014 05:01 PM

මර්වින්ව සී.අයි.ඒ, එෆ්.බී.අයි වගේ දැක්කොත් එක්කගෙන ගිහින් බදවා ගනී. වෙන කවුරුත් නොහිතන පැත්තක් කල්පනා කරලා තියෙනවා. ඉතාම හොඳ අදහසක් (නදී)

:       0       0

රනිල් Monday, 10 November 2014 11:46 AM

මේ කතාවේ සත්‍ය කුමක්ද කියා සොයා බලන්න.(හේ)

:       0       0

රූපවතී Monday, 10 November 2014 05:23 PM

අපි රිය පදවනවිට පාරේ තිබෙන කොළ කැබැල්ලක් පවා වාහනයේ එළියට පෙනෙනවා.යමක් යටින් වැදුනොත්‍, දැවටුනොත් ඒ වෙනස අපිට හොඳට තේරෙනවා. අපි මිනිසෙකුගේ මළමිනියට පවා ඉතාම අවිහිංසකව සළකන නොරිදවන, මිනිසුන්. මේ දේ ඇසීමෙන් මට ඇත්තටම කම්පාවට වඩා ලොකු බයක් දැනුනා. (නි)

:       0       0

හර්ෂ ද සිල්වා Monday, 10 November 2014 06:47 PM

මේ පුද්ගලයා කව්ද යන්නත්, මෙයාව අවසන් වතාවට දැකපු කෙනත්, වෑන් රථයට ඇමුණුනේ කෙසේද යන්නත් සෙවිය යුතුයි (නදී)

:       0       0

රුවන් Monday, 10 November 2014 06:53 PM

අනිවාර්යෙන්ම මේක මිනීමැරුමක් කියා මම හිතනවා (නදී)

:       0       0

දිලාන් Tuesday, 11 November 2014 05:22 AM

මේ වගේ වැන් එකකට මනුස්සයෙක් නැග්ගත් දැනෙනවා, එහෙම එකේ ඇමිණිලා නම් යන්න විදියක් නෑ.පොඩි ගල් කැටයක් උඩින් ගියත් මේ වැන් එකේ යට වදිනවා. ඉතින් කොහොමද මනුස්සයෙක්ගේ උඩින් යන්නේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site