IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිව් හැවිරිදි දරුවකුට පහරදුන් පාලිකාවට ඇප

(නිමන්ති රණසිංහ)

බම්බලපිටිය මල්ලිකා ළමා නිවාසයේ සිව් හැවිරිදි දරුවකුට කම්මුලට පහරදී හිංසා කළැයි බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (22) නියෝග කළාය.

දෙමාපිය රැකවරණය නොමැති මෙවැනි දරුවන් අකීකරු විය හැකි බැවින් දරුවන් පාලනය කිරීම සදහා වෙනත් මානුෂීය ක්‍රම ඇති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, ඇප ලබා ගැනීමෙන් පසු එම දරුවාට වෙනස්කමක් නොකරන ලෙසට අවවාද කරමින් සැකකාරිය ඇප මත මුදා හැරියාය.

මෙලෙස ඇප මත මුදා හැරියේ මල්ලිකා ළමා නිවාසයේ පාලිකාව වන ආරච්චිලාගේ සුමනාවතී නැමැත්තියය.

මෙම ළමා නිවාසයේ කුඩා දරුවකුට එහි පාලිකාව පහරදෙමින් හිංසා කරන බවට ජාතික ළමා රක්ෂණ අධිකාරියේ 1929 අංකයට ඇමතුමක් ලැබී ඇති බවත් එහිදී අධිකාරිය එම පැමිණීල්ල සම්බන්ධයෙන් තමන්ට දැනුම් දුන් බවත් බම්බලපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (3)

සිව් හැවිරිදි දරුවකුට පහරදුන් පාලිකාවට ඇප

චාන්දනී Wednesday, 23 November 2022 08:46 AM

තමන්ට කියලා දරුවන් නැතුව ලක්ෂ ගණනක් ඉන්නවා කියලා හිතෙනවා අහන්න ලැබෙනවා ඉතින් අනාථ අත්හල හා අසරණ තත්වයෙන් නිවාස වල තියාගන්නෙ නැතුව ඉල්ලන අයට දෙනවා නම් රට පුරා විවිධ අක්‍රමිකතා සදහා ළමා නිවාස ඇතිවෙන්නෙ නැහැ නේද සමහරක් වලව්කාරියෝ කියාගන්නා අය තමන්ට තමන්ගෙ පවුලේ අයට අතීතයේ තිබුනා කියන නම්බුව නැත්නම් බම්බුව රැක ගන්න විවිධ හේතු කියලා නිවාස හදනවා ගෙවල් රජයට දීලා ඒවායේ ඉන්නවා සමහරක් අය ගෙවල් සින්නක්කරව රජයට දුන්නත් එහි නේවාසික දරුවන්ට නිවාස පැවරීමට පෙර ඔවුන් සිටි කොටසට එන්න දෙන්නෙ නැහැ ස්වේච්ඡා සමිති හරහා පාලනය කලත් සභාපතිට වත් ඒවායේ තැනක් නැහැ මේවා සත්‍යම දේවල් (දන්නෝ දනිති )

:       1       2

විජේ Wednesday, 23 November 2022 10:38 AM

ඇත්ත නැත්ත හරියට හොයලා බලන්න. ඒත් ඉතින් දේශපාලුවො කරන අපත වැඩ එක්ක මේවා මොනවද.........

:       2       1

Laankikakaya Wednesday, 23 November 2022 01:00 PM

අනේ විජේ... අවුරුදු 4 කියන්නේ මොනතරම් පොඩිවයසක්ද? එහෙම දරුවෙක් අම්මා තාත්තගේ තුරුලේ ඉන්න ඕනේ.. එහෙම අහිංසකයෙක්ට අනාථයෙකුට ගහන එකයි, දේශපාලකයන්ගේ හොරකමයි අතර වෙනස තේරුම් ගන්න බැරිද? දේශපාලකයෝ හොරාකනවා කියලා මේ වගේ දරුණු මිනිස්සුන්ට දඬුවම් කරන්න එපා කියලද කියන්නේ...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site