IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සේවා නිලධාරිනිය ඇස් වසා ඇස්වැසුමට විදලා

(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)

අස්වැසුම දීමනාව රුපියල් තිස්හත් ලක්ෂ අසූඑක් දහසක් වංචනික ලෙස වෙනත් ගිණුම්වලට බැරකර මුල්‍ය අක්‍රමිකතාවක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් වැඩතහනමට ලක්ව සිටි කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සේවා නිලධාරිනිය 16දා තෙක් රිමාන්ඩ්භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.කේ. ඉනෝකා නයෝමි මහත්මිය  නියම කළාය

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන අංශයේ සේවය කර වැඩ තහනමට ලක්වු චමිලා කුමුදු කුමාරි යන කළමනාකාර සේවා නිලධාරිනිය මෙසේ රිමාන්ඩ්බාරයට පත්වුවාය.

ඇඹිලිපිටිය පොලීසියේ ස්ථාපිත විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පසුගිය 13දා ඇය අත්අඩංගුවට ගැනු ලැබීය. ඒ මඩුවන්වල පිහිටි නිවසකදීය. කොළොන්න ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා වීරසිංහ මහත්මිය ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව පොලිස් විමර්ශන පවත්වා එසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

වයස්ගත සහ වෙනත් අස්වැසුම මුදල් හිමිකරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර නොකර වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට රුපියල් තිස්හත් ලක්ෂ අසුඑක් දහසක්වංචා සහගතව බැරකර ඇති බව මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වු බව පොලිසිය අධිකරණයට දැන්වීය

මෙම වංචාව සම්බන්ධයෙන් අස්වැසුම සුබසාධන මණ්ඩලයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්කාර්යාල වලින්ද විගණන පරීක්ෂණ අරඹා ඇති බවද පොලීසිය පැවසුවේය. නමුත් ඒ වාර්තා මෙතෙක් ලැබි නැති බවද පොලිසිය අධිකරණය වෙත දැනුම්දුන්නේය.

 



අදහස් (6)

සේවා නිලධාරිනිය ඇස් වසා ඇස්වැසුමට විදලා

Chathuri Sunday, 15 June 2025 05:29 AM

අනිත් අය මුහුණු වහගෙන. හිරගෙදරට යනකොට. මෙයා විතරයි සතුටු සිතින් වාහනයට යන්නේ. මේ කරලා තියෙන්නේ අනුන්ගේ ගිණුම් වලට මුදල් තැන්පත් කරලා ඒ මිනිස්සු දන්නෙත් නැහැලු. මෙහෙම මුදල් තැන්පත් කරලා. නැවත ලබාගන්නේ කොහොමද? මෙහෙම කරන්න හේතුව. අනිත් සේරම හොරු... තමන්ගේ ගිණුමට පව්ලේ අයට ඒ වගේ තැන්පත් කෙරුවේ... මෙයා ඇවිත් කොහේද යන්නේ... මල්ලේ පොල් වගේ... බැලුවම අහින්සකයි...

:       0       5

Mangala Dissanayake Sunday, 15 June 2025 08:27 AM

හැමතැනම හොරු...!

:       0       3

Jagath Leanage Sunday, 15 June 2025 08:29 AM

මේක නම් මහා පුදුම රටක්. දුප්පත් මිනිස්සුන්ට දෙන සල්ලිත් හොරා කනවා.

:       0       3

Ananda Maduvanwela Sunday, 15 June 2025 09:24 AM

එහෙම කරන්න පහසුවට තමයි ව්‍යාපෘතියේ නම ඇස්වැසීම කියලා ඇතිහැකි අයට ජනතා මුදල් බෙදීම කලේ...

:       1       4

fairoos Sunday, 15 June 2025 12:03 PM

NPP ආණ්ඩුවක් නිසා මේවා එළියට එනවා.

:       2       3

Suranga Sunday, 15 June 2025 02:41 PM

ප්‍රතිලාභීන් තේරීමත් ඇස්වසා කළ බව තේරුම්ගන්න. එහෙම කොලේ වැසීම (ඇස්) නොකළා නම් කොහොමද ඔය මුදල් ගන්නේ. මේක වහාම අත් හිටුවීම කළයුතු ව්‍යාපෘතියක් කියන්න පුළුවන්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site